ඉදිරියේදි ක්‍රියාත්මක කරන්න යන ප්‍රතිපත්තියක් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්..

By Sithumi Apr 21, 2023 05:01 PM GMT
Sithumi

Sithumi

Report

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරිම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

විශිෂ්ඨතම ව්‍යාපාරිකයන් 40 දෙනෙකු අගයමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ (20) පැවති බිස්නස් ටුඩේ සම්මාන උළෙල අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ. විවෘත වන ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය කිරීමේ වගකීම පෞද්ගලික අංශය භාරගත යුතු අතරම එම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඔහු මෙහිදී කියා සිටියා.

පවතින තත්ත්වයෙන් මිදීමට දිගුකාලීන විකල්ප මොනවාද? මධ්‍ය කාලීනව විකල්ප මොනවාද? යන්න සොයා ගැනීම තුළින් හොඳ ප්‍රථිඵල ලබා ගත හැකි බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

  එමෙන්ම කෘත්‍රිම බුද්ධිය ගැන රටක් ලෙස අවධානය යොමු කළ යුතු අතර ඒ වෙනුවෙන් ලබන වසරේ රුපියල් බිලියනයක් වෙන් කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.