ජනපති ලබන සතියේ කරන්න යන දෙයක් ගැන ඉන්දීය මාද්‍යයෙන් හෙළිදරව්වක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ ඉන්දියාවේ දී පැවැත්වෙන සමුළුවක් සඳහා සහභාගීවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබෙනවා.
ඉන්දියාව විසින් සත්කාරකත්වය දරන "වොයිස් ඔෆ් ග්ලෝබල් සවුත් සමිට්" සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෙන්ම බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා මහත්මිය ඇතුළු රාජ්‍ය නායකයින් 20 දෙනෙකු සහභාගීවීමට නියමිත බවයි එම පුවත් වාර්තාවේ දැක්වෙන්නේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව ලබන 12 සහ 13 යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බව සඳහන් වන අතර
මේ සඳහා අසල්වැසි රටවල නායකයින් හැරුණු විට ඇන්ගෝලියා, ඝානා, නයිජීරියා, මොසැම්බික් හා සෙනගල් යන අප්‍රිකානු රටවල නායකයින්, ආසියාන් සාමාජිකත්වය දරන තායිලන්ත, කාම්බෝජියා සහ වියට්නාමය යන රටවල නායකයින් මෙන්ම උස්බෙකිස්ථාන, මොංගෝලියාව, එක්සත් අරාබි එමිර් සහ පැපුවා නිව් ගීනියා යන රටවල නායකයින් සහභාගීවීමට නියමිතව තිබේ