පේරාදෙණියේ පහරදීම ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්..

Ranil Wickremesinghe Wickremesinghe Ranil University of Peradeniya
By Sithumi Dec 12, 2022 01:11 PM GMT
Sithumi

Sithumi

Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සියලු බලධාරීන්ට නියෝග කර තිබෙනවා. 

 පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ නිවසට පෙරේදා (10) දිනයේ  විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් විසින් පහර දීමක් සිදුකර තිබුණා. 

 පෙරේදා රාත්‍රියේ මහාචාර්යවරයාගේ නිල නිවස ආසන්නයේදී ඔහුගේ පුත්‍රයාගේ මෝටර් රථය, නවතා තිබූ යතුරුපැදියක ගැටී ඇති බව පවසා විශ්වවිද්‍යාල සිසුන් කිහිපදෙනෙකු සමග බහින් බස් වීමක් සිදුව ඇති අතර පසුව අදාළ සිසුන් පිරිස පැමිණ මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහුගේ නිවසට පහර දී තිබෙනවා.  

කෙසේවෙතත් එම විශ්වවිද්‍යාලයේ විනය පාලක මහාචාර්ය තිලක් බණ්ඩාර මහතා පැවසුවේ පහරදීමට සම්බන්ධයෙන් මේ වන විට විශ්වවිද්‍යාල සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කළ බවයි.