ජනපති අවුරුදු උළෙලක් නැරඹීමට යයි.. (PHOTOS)
”වසත් සිරිය 2023” සිංහල හා දෙමළ අලුත් අවුරුදු උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් අද (22) කොළඹ ෂැංග්‍රිලා ග්‍රීන් පරිශ්‍රයේ දී පැවැත්වුණා.
මෙම උත්සවය සංවිධානය කර තිබුණේ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ මෙහෙයවීමෙන්, අමාත්‍යාංශ ඇතුළු රාජ්‍ය ආයතන සම්බන්ධ කර ගනිමින් ජනාධිපති කාර්යාලයීය සේවක සුබ සාධක සංගමය විසිනුයි.
රාජ්‍ය අංශය, විවෘත අංශය සහ ආගන්තුක අංශය යන කොටස් 03 යටතේ මෙහිදී තරග ඉසව් රැසක් පැවැත්වුණා. ඇමරිකාව, එක්සත් රාජධානිය, ඉන්දියාව, පකිස්ථානය, නෙදර්ලන්තය, චීනය, ජපානය, පලස්තීනය, බංග්ලාදේශය, කියුබාව, මියන්මාරය, තායිලන්තය, කුවේට්, දකුණු කොරියාව, වියට්නාමය යන රටවල් නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩල ද මීට එක්ව සිටියා.
මෙම අවුරුදු උත්සවයට මෙරට සංචාරය කරන විදෙස් සංචාරකයින්ට විනෝද විය හැකි තරග ඉසව් රැසක් සංවිධානය කර තිබීම විශේෂත්වයක් වුණා. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එමෙන්ම එහි නිර්මාණය කර තිබූ ගැමි ගෙදර සහ වෙද ගෙදර වෙත පැමිණ ඒවා නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා එහි අසිරිය විඳ ගැනිමට එක්ව සිටි විදේශිකයින්ගේ ද තොරතුරු විමසමින් ඔවුන් සමඟ සුහද කතා බහක ද නිරත වූ බවයි.
තරගවලින් ජයග්‍රහණය කළ සංචාරකයින්ට සහ තරුණ තරුණියන්ට ත්‍යාග ප්‍රදානය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා.



