පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් අල්ලන බවට නව වැඩ බලන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳ යළි සමාලෝචනයක් සිදු කිරීමටත් තවදුරටත් මෙම ප්‍රශ්නය ඉදිරියට ඇදගෙන නොගොස් එය විසඳීමටත් තමන් කැපවී සිටින බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
”අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි, පාස්කු ඉරිදා බෝම්බය පිළිබඳ වැඩකටයුතු එකක් වත් අවසන් නොවීම. මගේ කැපවීම නම් මේ ප්‍රශ්නය විසඳන්න. හැමදාම අපි මේ ප්‍රශ්නෙ ඇදගෙන යනන් වුවමනා නෑ. කොමිසමේ වාර්තාවලට අමතරව තවත් වාර්තා තියෙනවා. ඒ නිසා මම කැමති මේ ගැන යළිත් සමාලෝනයක් කරන්න”
වැඩ බලන ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි. තවද වැඩ බලන ජනාධිපතිවරයා පැවසුවේ, සියලු දෙනා එකඟවන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන සඳහා එක්සත් රාජධානියේ ඔත්තු සේවාවල සහය ලබා ගත හැකිව ඇති බවයි. පැසිස්ට් ක්‍රමවේදයෙන් රටේ නීතිය හා සාමය නැති කිරීමට ඉඩ නොදෙන බව අවධාරණය කළ වැඩ බලන ජනාධිපතිවරයා පැවසුවේ, පවතින ක්‍රමවේදය වෙනස් විය යුතු බවට වන සාමකාමී අරගලකරුවන්ගේ අදහස හා තමන් ද එකඟ වන බවයි.
තව ද සාමකාමී අරගලකරුවන්ට ක්‍රමවේදයේ වෙනස ගැන සාකච්ඡා ඉදිරියට ගෙනයාමට අවස්ථාව ලබා දී ඇති බව ද ඔහු පැවසී ය.
”සාමකාමී අරගලකරුවන් පමණක් නෙවෙයි. එයින් පිට මේ රටට වෙනසක් වුවමානා කියලා කියලා කියන අයටත් සහයෝගය ලබා දෙන්න තියෙනවා.ඒක වුවමනායි. මේ රටේ තරුණයින්ට මේ රට භාරගන්නනවා නම්, ඒ අයගේ අදහස් අනුව තමයි රටේ පාලනයත් ආර්ථිකයත් සකස් කරනන් ඕන. ඒ ගැන මට කිසිම ප්‍රශ්නයක් නෑ”
දේශපාලන පක්ෂවල අනාගත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද වැඩ බලන ජනාධිපතිවරයා සිය විශේෂ ප්‍රකාශයේදී අදහස් පළ කළේ ය. වැඩ බලන ජනාධිපතිවරයා පැවසුවේ, එකිනෙකාට විරුද්ධව රට විනාශ කරන්නේ ද? නැතිනම්, දේශපාලන පක්ෂ සාමුහිකව මේ රට ගොඩගන්නෙ ද යන්න දේශපාලන පක්ෂ ඉදිරියේ පවතින බවයි
. ”අපි එකතුවෙලා රට ගොඩ ගන්න වුවමනයි. රට ගොඩ ගන්න පුළුවන් අවුරුදු ගණන් වුවමනා නෑ. මේ අවුරුද්දෙන් පස්සෙ එන අවුරුද්දෙ මීට වඩා හොඳ තැනක ඉන්නවා. මං බලන්නෙ ඊළඟ අවුරුදු 2 දි සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩ ගන්න. ඒකයි මගේ අධිෂ්ඨානය. ඒකයි මම සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇති කරනන් මම කැප වෙලා ඉන්නෙ”
මැයි මස 13 වැනිදා අග්‍රාමාත්‍ය ධුරය භාර ගත් අවස්ථාවේ සිට මේ දක්වා තමන් රටේ ජනතාව මුහුණදී සිටි දෛනික විදුලි කප්පාදුවේ කාලය අඩු කිරීමට, පොහොර ප්‍රශ්නය, ගෑස් සහ ඉන්ධන ප්‍රශ්නය ආදි ප්‍රශ්න විසඳීමට තමන් ක්‍රියාමාර්ග ගත් බව ද අග්‍රාමාත්‍යරවයා ප්‍රකාශ කළේ ය.