රනිල් ගෑස් සිලින්ඩරයෙන් මෙදා සැරේ ඡන්දෙ ඉල්ලන්න හේතුව මොකක් කියල ද හිතන්නේ?. හැමෝම පුදුම කළ සිද්ධිය මෙන්න..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ නිසි ආර්ථික පරිවර්තනකින් තොරව රජයේ වැඩපිළිවෙළ අතර මග නතර කළහොත් යළිත් රටේ ආර්ථිකය කඩා වැටෙන බවයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ, ජනතාව තම අනාගතය ගැන සිතා මෙවර ජනාධිපතිවරණයේ දී තින්දුවක් ගත යුතුව ඇති බවය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් වූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමේ "AskRanil" වැඩසටහනට එක්වෙමින් ය.
වැඩිදුරටත් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ මෙවැන්නකී,
"මේ රට මම භාර ගත්තේ, වෙන කවුරුත් භාරගන්න නොසිටි අවස්ථාවක. හැම එක්කෙනාම ආර්ථික ප්‍රශ්න විසඳන්න බෑ කිව්වා. දැන් අපි ඒකට විසඳුම ලබාගෙන යනවා. රටේ නව ආර්ථිකයක් ඇති කරන්න. ඒක පරිවර්ථනය කරන්න ඕනේ විශේෂයෙන්ම අපනයන ආර්ථිකයක් හැටියට. අපි ඒ දුර යන්නේ නැත්නම්, අපි කරපු මේ වැඩ රඳා පවත්වන්න බෑ. ඒක කඩා වැටෙයි. මෙතැන තියෙන්නේ ඔබ සියලුදෙනාගේම ඊළඟ අවුරුදු 3 - 4 අනාගතය ගැන හිතන්න. තරුණ අයට තියෙන්නේ තව අවුරුදු 20කින් තමන්ට ඕන රට මොකද්ද කියලා හිතන්න. හිතලා ඡන්දය භාවිත කරන්න..
මම ස්වාධීන වෙන්න තීරණය කළා. අද අර්බුදයක් තියෙනවා පක්ෂ භේදයෙන් ඉවත් වෙන්න ඕනේ කියලා. ඒ නිසා ස්වාධීනව එන්න තීරණය කළා. එතකොට ඕනෑම ලකුණක් හොයා ගන්න පුළුවන්. ඒ අවස්ථාවේ හොඳම එක ගෑස් සිලින්ඩරය"