අන්තර්ජාල සේවාවටත් VAT බද්දක්

Report

අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ආදායම් උපයන පුද්ගලයින්ට ද එකතු කළ අගය මත බද්ද අය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සදහා වන අති විශේෂ ගැසට් නිවේදනය දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරියගේ අත්සනින් පසුගියදා නිකුත් කළ අතර ඒ අනුව එම සේවා සැපයීම්වලට අදාළව 18%ක එකතු කළ අගය මත බද්ද අය කිරීමට නියමිතයි.

ඔක්තෝබර් මස පළමු වැනිදා සිට එම බදු අය කිරීම ක්‍රියාත්මක වනවා.

අන්තර්ජාලය ඔස්සේ විවිධ සේවා සපයමින් ඩොලර් ආදායම් උපයන පුද්ගලයින් සඳහා බදු අය කිරීමේ රජයේ සූදානම සම්බන්ධයෙන් පසුගිය දිනවල දැඩි කතා බහක් ඇතිවුණා.

යලිත් වර්ජනයකට සැරසෙන දුම්රිය නියාමකවරුන්

යලිත් වර්ජනයකට සැරසෙන දුම්රිය නියාමකවරුන්

එවැනි පසුබිමක දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවි හිමාලි ප්‍රනාන්දු මහත්මිය පසුගිය පළමු වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, විදේශයක සිටින තැනැත්තෙකු මෙරට සිටින තැනැත්තෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී එම සේවා සැපයීම්වලට අදාළව එකතු කළ අගය මත බදු ගණනය කිරීම ඔක්තෝබර් පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි.

ඒ අනුව සියයට 18% ක එකතු කළ අගය මත බද්ද මේ සඳහා ද අය කෙරෙනු ඇති.

මෙම ගැසට් නිවේදනයේ එමෙන්ම මෙම බදු අයකිරීම් අදාළ සේවාවන් ද දක්වා තිබෙනවා.

සේවාවක් ලෙස මෘදුකාංග සැපයීම, මාර්ගගත වෙළෙඳසැල්, ඩිජිටල් අලෙවිකරණය සහ වෙළෙඳ ප්‍රචාරණය, සයිබර් ආරක්ෂණ සේවා, තොරතුරු තාක්ෂණ සහය සහ කළමණාකරණය කළ සේවා, වීඩියෝ, සංගීතය මෙන්ම සජීවී අන්තර්ගතයන් සහිත වේදිකා, මාර්ගගත බැංකුකරණය, සමාජ මාධ්‍ය වේදිකා, ඉල්ලුම මත සේවා සැපයීමේ වේදිකා, වෙළෙඳපොළ වේදිකා, සූදූ ක්‍රීඩා වේදිකා, හෝටල් වෙන් කිරීම් මෙන්ම ටිකට්පත් වෙන් කරවා ගැනීම් සඳහා යෙදවුම් භාවිතයේදී ද ඔක්තෝබර් පළමු වැනිදා සිට එකතු කළ අගය මත බද්ද අය කිරීමට නියමිතයි.

අඳුරු ආදරයක්, රුදුරු අනාගතයක් - 17 හැවිරිදි තරුණයාගේ පාපොච්චාරණය

අඳුරු ආදරයක්, රුදුරු අනාගතයක් - 17 හැවිරිදි තරුණයාගේ පාපොච්චාරණය

එමෙන්ම ගැසට් පත්‍රයේ සඳහන් කර නොමැති වුව ද විදේශයක සිටින තැනැත්තෙකු ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා ශ්‍රී ලංකාවේ සිටින තැනැත්තෙකුට සපයන ඕනෑම සේවවාක් මෙම වැට් බද්දට අයත් වන බව ද එහි සඳහන්.

මෙම ගැසට් නිවේදනයේ එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමට සපුරාලිය යුතු අවශ්‍යතා ද දක්වා තිබෙනවා.

ඒ අනුව එකතු කළ අගය මත බද්ද සඳහා ලියාපදිංචි වීමට ප්‍රථම විදේශයක සිටින නැතහොත් නිර්වාසික තැනැත්තෙකු බදු ගෙවන්නා හදුනා ගැනීමේ TIN අංකයක් ලබා ගත යුතුයි.

ගෙවුණු වසරක කාලසීමාව තුළ සේවා සැපයුම් වටිනාකම රුපියල් මිලියන 60 ඉක්මවන හෝ පසුගිය මාස 3ක කාලසීමාව තුළ රුපියල් මිලියන 15ක සීමාව ඉක්මවන නිර්වාසික තැනැත්තෙකු එකතු කළ අගය මත බදු පනතට අනුව ලියාපදිංචි වීමට බැඳී සිටින බව ද එම ගැසට් නිවේදනයේ සඳහන්. 

'ගැබ් වාර්තා කරන්න - ලක්ෂයක් ගන්න!' - රුසියාවේ නව වැඩපිළිවෙළට දැඩි විවේචනයක්

'ගැබ් වාර්තා කරන්න - ලක්ෂයක් ගන්න!' - රුසියාවේ නව වැඩපිළිවෙළට දැඩි විවේචනයක්