සබරගමුවේ විශේෂ පොලිස් මෙහෙයුමක්

Report

සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පුද්ගලයින් 120ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

ඊයේ (06) මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත්තේ ඇඹිලිපිටිය, සීතාවකපුර, කෑගල්ල හා රත්නපුරය පොලිස් කොට්ඨාස මූලික කර ගනිමින්.

එහිදී විවෘත වරෙන්තු සහිත පුද්ගලයින් 07 දෙනෙකු හා බීමත්ව රිය පැදවූ පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

සාමාන්‍ය පෙළ විභාගය ප්‍රතිඵල 2024 - නිකුත්වෙන දිනය මෙන්න

මෙම මෙහෙයුම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුධ හමුදා නිලධාරින් 900 කට අධික ප්‍රමාණයක් සහභාහී වී ඇත.

හෙරොයින්, අයිස් සහ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට එරෙහිව පොලිසිය නඩු 65 ක් ගොනු කරනු ලැබීය.

මැතිවරණ කොමිසමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

මැතිවරණ කොමිසමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි

පුද්ගලයින් 101 දෙනෙකු සහ වාහන 31 ක් පරීක්ෂා කිරීමේදී මත්පැන් පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 19 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇත.

ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය සහ අනෙකුත් අපරාධ මැඩපැවැත්වීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග අනුව වැටලීම් සහ පරීක්ෂණ සිදු කරන ලදී.

අඳුරු ආදරයක්, රුදුරු අනාගතයක් - 17 හැවිරිදි තරුණයාගේ පාපොච්චාරණය

අඳුරු ආදරයක්, රුදුරු අනාගතයක් - 17 හැවිරිදි තරුණයාගේ පාපොච්චාරණය