බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය මෙන්න

Report

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය අද (07) නම් කර තිබෙනවා.

චරිත් අසංලකගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් වනවා.

තරඟ තුනකින් යුත් තරගාවලිය ජූලි 10 වන දින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර ජූලි 13 වන දින දඹුල්ලේදී දෙවන තරඟය ද අවසන් විස්සයි 20 තරගය ජූලි 16 වන දින කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී (RPICS) පැවැත්වීමට නියමිතය.

'ගැබ් වාර්තා කරන්න - ලක්ෂයක් ගන්න!' - රුසියාවේ නව වැඩපිළිවෙළට දැඩි විවේචනයක්

'ගැබ් වාර්තා කරන්න - ලක්ෂයක් ගන්න!' - රුසියාවේ නව වැඩපිළිවෙළට දැඩි විවේචනයක්

එසේම විසයි විස්ස සංචිතයට කලකට පසුව දසුන් ශානක සහ චාමික කරුණාරත්න කැඳවා තිබෙනවා.

එම ක්‍රීඩක ලැයිස්තුව පහතින් දැක්වේ.

චරිත් අසලංක (නායක)

පැතුම් නිස්සංක

කුසල් මෙන්ඩිස්

දිනේෂ චන්දිමාල්

කුසල් පෙරේරා

කමිඳු මෙන්ඩිස්

අවිශ්ක ප්‍රනාන්දු

දසුන් ශානක

දුනිත් වෙල්ලාලගේ

වනිඳු හසරංග

මහීෂ් තීක්ෂණ

ජෙෆ්රි වැන්ඩසේ

චාමික කරුණාරත්න

මතීෂ පතිරණ

නුවන් තුෂාර

බිනුර ප්‍රනාන්දු

එෂාන් මාලිංග 

රජයේ රෝහල්වල නව ආහාර සැපයීමේ වැඩපිළිවෙළක් ආරම්භ වෙයි

රජයේ රෝහල්වල නව ආහාර සැපයීමේ වැඩපිළිවෙළක් ආරම්භ වෙයි