යලිත් වර්ජනයකට සැරසෙන දුම්රිය නියාමකවරුන්
By Hashini
සිය ඉල්ලීමට බලධාරීන් නිසි ප්‍රතිචාර නොදැක්වුවහොත් අද මධ්‍යම රාත්‍රියේ සිට හලාවත දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවලන් ඉවත් වන බව ලංකා දුම්රිය නියාමක සංගමය පවසනවා.
රාගම ප්‍රදේශයේ දුම්රිය සංඥාවල පසුගිය දිනක පැවති දෝෂය පිළිබඳ තමන් සෑහීමකට පත් නොවන බවයි එහි ලේකම් කේ ඩී ඩී ප්‍රසාද් මහතා පැවසුවේ.
ඒ අනුව එය නිවැරදි කරන ලෙසට එම සංගමය දුම්රිය බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කර තිබෙනවා.
මෙවැනි ගැටලුවලට පිළිගත හැක විසඳුම් ලබා දීමට දුම්රිය බලධාරීන් පියවර ගත යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.