රනිල්ගේ සහාය මෙන්න මෙයාලටලු... කවුරුත් නොහිතපු වෙලාවක රනිල්ගේ තීරණය
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවශ්‍ය ඕනෑ ම සහයක් ලබා දෙන බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (මාර්තු 5) පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සමග කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැත්වූ විශේෂ හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව කියා ඇත.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට ලබා දී ඇති යෝජනා සහ වැඩසටහන් ක්‍රියාවලිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙහිදී භාර දී තිබේ.
රජයේ වෛද්‍යවරුන්ට වර්තමානයේ පැන නැගී ඇති ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. අමතර රාජකාරී දීමනාව ලෙස පැයකට ගෙවනු ලැබූ 1/80 අගය මූලික වැටුප සංශෝධනය සමග නොවෙනස්ව පවත්වා ගැනීම, නිවාඩු දින, ඉරිදා දිනවල සේවයේ යෙදීම වෙනුවෙන් ගෙවනු ලබන මෙතෙක් පැවති 1/20 අගය පවත්වාගෙන යාම, රාජ්‍ය සේවයේ මූලික වැටුප් ඉහළ නැංවීමේ තීරණය එළෙසම ක්‍රියාත්මක කිරීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා අතර වෙයි.
