ඇයි එහෙම දෙයක් කළේ..? එල්ටීටීය සමග ගහපු ගිවිසුමක් ගැන හිටපු ජනපති හදිසියේම හෙළිකරයි..

Ranil Wickremesinghe LTTE Leader Latest Headlines
By Sewvandhi Dec 28, 2024 08:25 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ, 2001 වසරේදී තමාට LTTE සංවිධානය සමග සටන් විරාම ගිවිසුමකට එළැඹීමට සිදුවූයේ එවක ආර්ථික මරමස්ථානවලට එල්ල වූ ප්‍රහාර හමුවේ සිදුවූ ආර්ථික පසුබෑම හමුවේ බවයි.

ඊයේ (27) ,ඉන්දීය හිටපු අග්‍රමාත්‍යවරයෙකු වන අතල් බිහාරි වාජ්පායි මහතා වෙනුවෙන් සංවිධාන කෙරෙන 7වන අතල් බිහාරි වාජ්පායි දේශනයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

රුපියල් කෝටි එකසිය හැටක් වංචා කළ අඹු සැමියන්ට අත් වූ ඉරණම..

රුපියල් කෝටි එකසිය හැටක් වංචා කළ අඹු සැමියන්ට අත් වූ ඉරණම..

එම කාලය තුළදී තමන්ට දරුණු දේශපාලනික අර්බුදයකටද මුහුණ දීමට සිදු වූ බවයි, මෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පවසා සිටියේ.

වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා,

"මම දෙවනවරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස 2001 වසරේ දෙසැම්බර් මාසයේ තේරීපත් වෙද්දී ශ්‍රී ලංකාව දරුණු දේශපාලන අර්බුදයකට මුහුණ දෙමින් සිටියා. ශ්‍රී ලංකාවේ හමුදාවට පසුබසින්න වුණා. LTTE ප්‍රහාර හමුවේ සහ ස්ථාන රැසක බලය ගිලිහුණා. වරාය සහ ගුවන්තොටුපොළ හමුවේ එල්ල වූ ප්‍රහාර හේතුවෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ සහ ගුවන් යානා පැමිණීම නතර වුණා. ආර්ථිකය වසා දැමීමමකට මුලපුරමින් අපිට තිබුණේ. LTTEසමග සටන්විරාමයකට එළැඹීමේ විකල්පය පමණයි තිබුණේ. අගමැති වුණාට පසු මම වහාම නවදිල්ලිය බලා පිටත් වුණා".

එළඹෙන නව වසරේවත් වෙනස් වෙමු...ඔබේ ජීවිතය දියුණුව කරා ගෙනියන්න මේ දේවල් පිළිපදින්න..

එළඹෙන නව වසරේවත් වෙනස් වෙමු...ඔබේ ජීවිතය දියුණුව කරා ගෙනියන්න මේ දේවල් පිළිපදින්න..

….…………………………………………………………………………………………

You may like this video 👇



ReeCha