තමාට ගෙදර යන්න නිවසක් නැතැයි ජනපතිගෙන් ප්‍රකාශයක්

By Sithumi Jul 31, 2022 01:36 PM GMT
Sithumi

Sithumi

Report

රනිල් ගෙදර යන්නැ යි කියා පෙළපාළි ගියාට තමාට යන්නට ගෙදරක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ගෙදරක් නැති මිනිහෙකුට ගෙදර යන්නැයි කියා පෙළපාළි යාමෙන් පලක් නොවන හෙයින් කරුණාකර එවැනි දේ කර කාලය නාස්ති නොකරන ලෙස ද ජනාධිපතිවරයා කීය. 

 මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සහ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්,හිටපු පළාත් පාලන නියෝජිතයන් හා ආසන සංවිධායකවරුන් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය. මහනුවර ජනාධිපති මන්දිරයේ දී මේ රැස්වීම පැවැත්විණි.

ඔයගොල්ලො ලෑස්ති නම් සෙනඟක් ගේන්න.මාස හයක් ඇතුළත මගේ ගෙදර හදලා දෙන්න.එහෙම ගෙදර හදලා මම එහි පදිංචියට ගියාට පස්සේ ඇවිත් රනිල් ගෙදර යන්න කියලා කියන්න.ගම හදන්න. නැත්නම් මගේ ගෙදර හදන්න. ඒ දෙකින් එකක් කරන්න .එහෙම නැතිව රනිල් ගෙදර යන්න කියන්න එපා"යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය.