බැසිල්ට තම්බන්න බැරි වුණ රනිල් පිකාසෝව සජිත්ගේ මරිමෝඩකම් නිසා කුණුකූඩේට
රනිල්ගේ සතිය ඉඅවර වෙලා මේ වෙන කොට සෑහෙන සති පහු වෙලා තිබ්බත් අදටත් රනිල් වික්‍රමසිංහගේ නම සැරින් සැරේ උඩට මතු නොවෙන වෙලාවක් නැති තරම්.
පෙර මෙන් දැඩිව දේශපාලනය තුළ නොරැදෙන බව කීවත් තවමත් රනිල් වික්‍රමසිංහට, එක්සත් ජාතික පක්ෂය ගැන ඇසෙන කතා බොහෝමයි.
ඒ අතරේ රනිල් සජිත් එකමුතුව ගැනත් හරි හරි කතා ඇහෙනවානේ. එවැනි පසුබිමක සමාජ මාධ්‍ය ඔස්සේ මේ වන විට අවධානය දිනා ගත් සටහනක් සංසරණය වෙනවා.
ඒ සටහනට අනුව නම් බැසිල්ට තම්බන්න බැරි වුණ රනිල්ගේ ජයග්‍රහණය විනාශ කළේ වෙන කවුරුත් නෙවෙයි සජිත්.
එම සටහන පහතින්,
ලින්ක් එක දාන්න කලින් පොඩ්ඩක් ඔබලා බලන්න ඒ වගේම මම බලන් ඉන්නවා උගන්ඩාවේ ඩොලර් බිලියන 18 ගේනකන් - නාමල්
රනිල් වික්‍රමසිංහගෙ අවසාන තුරුම්පුව.සුනන්ද මද්දුමබණ්ඩාරගේ 'අරගලයේ බලය' පොතේ සඳහන් වන දෙයක් තමයි 2024 ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධ එවකට රටේත් පාර්ලිමේන්තුවේත් බලය හෙබවූ පක්ෂය වන පොහොට්ටුවේ ගේම්කරු බැසිල් රාජපක්ෂ විසින් රනිල් හමුවෙලා දැඩි ලෙස යෝජනා කරා කියලා ජනාධිපතිවරණයකට පෙර පාර්ලිමේන්තුව විසිරුවලා පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතුයි කියලා. ඒවගේම එවෙලෙ පාර්ලිමේන්තුවෙ ඉදපු සියලු දෙනා පොදු ජන පෙරමුණෙන් තරඟ කළ යුතුයි කියලා. එසේ කරානම් බොහොදුරට ලංකාවෙ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ කඳවුර විනාශ වෙලාම යනවා. ඒවිතරක් නෙවෙයි, ඊලගට මතුවෙලා එන්නෙ JVP, මාලිමා කණ්ඩායම සහ පොදුජන පෙරමුණේ කණ්ඩායම. සජිත්ගේ මරිමෝඩකම් නිසා එජාපයේ සහ සජබයේ බෙදීම නිසා එහෙනම් අනිවාරෙන්ම ඒ කඳවුර පාර්ලිමේන්තුවේ සුළුතරයට ඇද වැටෙනවා. රනිල් වික්‍රමසිංහව ඊළග ජනාධිපතිවරණයෙන් කුණුකූඩේට විසිවෙනවා. බොහෝ දුරට එහෙනම් බැසිල් කලින් ඉදන්ම සැලසුම් කරන් ඉඳියා වගේ ධම්මික පෙරේර තමයි පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා වෙන්නෙත්. ඒත් රනිල් කියන්නේ, බැසිල් රාජපක්ෂට තම්බන්න පුලුවන් කෙනෙක් නෙවෙයි, රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ දේශපාලනයේ පිකාසෝ කියන්නෙ අපි ඒනිසයි. රනිල්ව කාටවත් නමන්න බෑ කියන්නෙත් අපි ඒ නිසයි. රනිල් රාජපක්ෂලට යට වුනා කියන අය ඒක හොඳට තේරුම් ගන්න. රනිල් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ තමන්ගේම පක්ෂය, තමන්ගෙ පාර්ශවය රැකගන ඉදිරියට යන්න මිසක් රාජපක්ෂලා රැකගන්න නෙවෙයි.
ජනාධිපතිතුමනි, තේරෙන විදිහටම මම මේක කියන්නම්..මකබෑවිලා පලයන් - මන්ත්‍රීවරයෙක් කුණුහරුපෙන්ම ට්‍රම්ප්ට අමතපු හේතුව
නමුත් කණගාටුයි කියන්න සජිත් ප්‍රේමදාස රනිල්ගේ සැලසුම් සියල්ල විනාශ කරා. අවශ්‍යනම් ආයෙත් ගිහින් බලන්න එදා ජනාධිපතිවරණයේදී, පළමු වටයේ රනිල්ගේ සහ සජිත්ගේ ඡන්ද එකතුව පමණක් 50.1% යි.එතනම ජයග්‍රහණය කරල ඉවරයි. එදා සජිත් තමන්ගෙ නායකයට ආචාර කරල තමන් ඉදිරිපත් නොවෙනව කියලා හිටියනම්, රනිල් මේක අනිවාරෙන්ම ජයග්‍රහණය කරනවා. සජිත් නැති කරෙ රනිල්ගෙ මොහොත. එදා ආර්. ප්‍රේමදාසට විරුද්ධව ආපු විශ්වාසභංගයේදී රනිල් එහෙම කරානම් මොකද? එහෙනම් අද ඔය සජිත් ප්‍රේමදාසට කතාකරන්න ගාම්භීර පියෙක් නෑ, පරාජිත පියෙක් ඉන්නෙ. රනිල්ව ජනාධිපති කරලා මහමැතිවරණයේදී අනිවාරෙන්ම මිනිස්සු වැල නොකැඩී එහෙනම් එජාප+සජබ බලවේගයකට චන්ද දෙනවා. සජිත්ව අගමැති කරනවා. පොහොට්ටුව අනෙක් පැත්තෙන් එනව, අනුරගෙ මාලිමාව තව පැත්තකින් එනව. රනිල් බොහොදුරට එහෙනම් ජාතික ආණ්ඩුවක් හදනවා එජාප+සජබ+පොහොට්ටුව එකතුවෙන්. මාලිමාව අතුගාලම දානවා. සජිත් ප්‍රමුඛ සජබ කණ්ඩායමට මේව තාම නොතේරීම ගැන කණගාටුයි. කොහොම නමුත් දැනුත් ජනතා විමුක්ති පෙරමුණ බලයේ සිටීම නිසා මතුවෙන්නේ ඔවුන්ගේ ලොකුම සතුරා රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයම තමයි. අන්න එහෙමයි රනිල් තුරුම්පු ගැහුවෙ. මොන අතට කැරකුණත් එක්සත් ජාතික පක්ෂය නැති කරන්න ඔය කාටවත් බැහැ. මොකද ඒකෙ නායකයා ගරු රනිල් වික්‍රමසිංහ. ඔහු රට හදල භාර දුන්නා. ඔහු දැන් එක්සත් පක්ෂයත් හදනවා. 'රනිල් වික්‍රමසිංහ' මේ මොහොතේ දේශපාලනයේ පිකාසෝ!"