රනිල් බෞද්ධ උත්සව වලට නොයන බව කියන එක ඇත්තද?

Ranil Wickremesinghe Vajira Abeywardena Sinhala news gagana news Colombo politics heat up
By Shehan Jun 12, 2025 06:51 AM GMT
Shehan

Shehan

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ ප්‍රධාන ආගමික වැඩසටහන්වලට සහභාගී නොවූ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන් පදනම් විරහිත බව එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය. මෙම චෝදනා ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව නොමග යැවීමේ උත්සාහයක් බවත්, එය කණගාටුවට කරුණක් බවත් ඔහු පැවසීය.

වජිර අබේවර්ධන මහතා පෙන්වා දුන්නේ, පොසොන් පොහොයේ අරමුණ විය යුත්තේ වෛරය, ක්‍රෝධය, සහ ඊර්ෂ්‍යාවෙන් තොරව සිත් සුවපත් කරමින් ශ්‍රී ලාංකික හා ලෝක බෞද්ධ ජනතාව එක්සත් කිරීම බවයි.

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

ඩඩ්ලි සිරිසේනගේ අවසන් කැමැත්ත – මිනිය පොළොන්නරුවේ තැන්පත් කරන්න!

“රනිල් වික්‍රමසිංහ මහතාගේ පරම්පරාව කැලණිය රජමහා විහාර පූජා භූමිය කැලෑ වැදී තිබූ යුගයක එය ලෝක බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට හැකි ලෙස සකසන ලදී. මිහින්තලාවේ ආලෝක පූජාව ආරම්භ කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මාමා වන රංජිත් විජයවර්ධන මහතායි. එසේම, සිතුල්පව්වේ පොසොන් උත්සවය ආරම්භ කළේ එම පරම්පරාවේම උපාලි විජයවර්ධන මහතා විසිනි,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේ, තන්තිරිමලේ ආලෝක පූජාවද රංජිත් විජයවර්ධන මහතා විසින් විජය පුවත්පත් සමාගම හරහා ආරම්භ කරන ලද බවයි. “අනුරාධපුරයේ ප්‍රධාන පිංකම් රැසක් රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලේ සාමාජිකයන් විසින් ආරම්භ කරන ලද අතර, එවැනි උතුම් සේවාවක් සිදු කළ පරම්පරාවකට එරෙහිව වැරදි ප්‍රචාර ගෙන යාම කණගාටුදායකයි,” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

පුරපති සටන තීරණාත්මක වෙයි

පුරපති සටන තීරණාත්මක වෙයි

එජාප සභාපතිවරයා පෙන්වා දුන්නේ, රනිල් වික්‍රමසිංහ මහතාට මෙම ආගමික වැඩසටහන්වලට ආරාධනා ලැබුණු සෑම අවස්ථාවකම ඔහු ඒවාට සහභාගී වූ බවත්, ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව වෙනුවෙන් තම යුතුකම් ඉටු කිරීමට කැපවූ බවත් ය.

“2024 පොසොන් පොහොයේදී තන්තිරිමලේ රජමහා විහාරයේ ආලෝක පූජාවට ආරාධනා ලැබුණු රනිල් වික්‍රමසිංහ මහතා එම උත්සවයට සහභාගී වී බෞද්ධ ජනතාව වෙනුවෙන් එය ආලෝකමත් කළා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

එසේම, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකික නායකයින් දේශපාලන භේදයකින් තොරව මෙවැනි ආගමික වැඩසටහන්වලට සහභාගී වූ බවත්, එවැනි එක්සත්කමක් බෞද්ධ ජනතාවගේ යහපතට හේතුවන බවත් අබේවර්ධන මහතා පෙන්වා දුන්නේය.

සෞඛ්‍ය අංශවලින් බරපතළ අනාවරණයක්..විශේෂයෙන්...දරුවන්ව පාසල් යවන්න එපා

සෞඛ්‍ය අංශවලින් බරපතළ අනාවරණයක්..විශේෂයෙන්...දරුවන්ව පාසල් යවන්න එපා

“රනිල් වික්‍රමසිංහ මහතා අනුරාධපුරයේ ආගමික වැඩසටහන්වලට සහභාගී නොවූ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එවැනි ප්‍රකාශ ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව නොමග යැවීමේ උත්සාහයක් බවත් අපි ප්‍රකාශ කරනවා,” යනුවෙන් ඔහු අවසන් වශයෙන් පැවසීය.  


ReeCha