දේශපාලන පළිගැනීමද? රනිල්ගේ කල් දැම්ම නඩුව අයින් කරගන්න කුමන්ත්‍රණයක්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 16.6ක් අවභාවිත කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් නඩු පැවරීම වළක්වාලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව තුළ සිදුවෙමින් පවතින බව කියන සැක සහිත ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු වාර්තා වෙමින් තිබේ.
මෙම නඩුව ජනවාරි 28 වනදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය. මේ අතර, මෑතකදී සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාවකින් මෙම සැකය තවදුරටත් තීව්‍ර වී ඇත. එහි සඳහන් වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව තුළ මෙම චෝදනා සම්බන්ධයෙන් මත දෙකක් පවතින බවයි.
"මගේ නළල ඉඹලා මාව රූම් එකට අරන් ගියා" - ඉපලෝගම OIC, නිල නිවසට කාන්තාවක් එක්කන් ගිහින් කරපු ජරා වැඩේ පත්තුවෙයි
විමර්ශනයේ පෙර අධීක්ෂකවරයා වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා විසින් පිටු හයක වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව චෝදනා ගොනු කිරීමට සාක්ෂි ප්‍රමාණවත් නොවන බවත්, එක්සත් රාජධානිය හරහා ගමන් කිරීම ඔහුගේ සුපුරුදු ක්‍රමයක් බවත්, CID කණ්ඩායම එංගලන්තයට ගොස් ඇති ආකාරයේ ක්‍රියා පටිපාටිමය දෝෂ තිබෙන බවත් පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, වර්තමාන විමර්ශන අධීක්ෂක අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මතය ඊට වෙනස් බවත්, ඔහු නීතිපතිවරයාට චෝදනා ගොනු කළ හැකි බව නිර්දේශ කර ඇති බවත් වාර්තා වේ.
මෙහිදී බරපතල සැකයක් මතු වන්නේ විජය පුවත්පත් සමාගමට අයත් සන්ඩේ ටයිම්ස් පුවත්පත මෙම විස්තර පළ කිරීමයි. එය රනිල් වික්‍රමසිංහ මහතාගේ ළඟම ඥාතීත්වයක් ඇති විජේවර්ධන පවුලට අයත් බැවින්, නඩු පැවරීමට තත්ත්වය තිබියදී මෙම තොරතුරු හරහා මහජන මතය සැකසීමේ මෙහෙයුමක්ද යන්න ප්‍රශ්නයක් මතු කරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එංගලන්තයට ගිය ගමන පිළිබඳ නීතිපතිවරයා දක්වන විශේෂ උනන්දුවද, එම තොරතුරු විත්තිකරු පාර්ශ්වයට ලබාදීමේ අවදානමක් ඇති බවට සැකයක් ඇති කරයි.
මීට අමතරව, රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥ කණ්ඩායම (ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා ඇතුළු) මෑතකදී නීතිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමද මෙම සැකය තවදුරටත් වැඩි කරයි.නීතියේ සමානාත්මතාවය ආරක්ෂා කිරීමේ වගකීම නීතිපති දෙපාර්තමේන්තුව සතුය. ජනවාරි 28 වනදා මෙම නඩුවේ ඉදිරි තීරණය මේ සම්බන්ධයෙන් තීරණාත්මක වනු ඇත.