ශ්‍රී ලංකා ඉතිහාසයේ දඬුවම් නියම වූ පළමු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙයිද? ඇවිලෙන දේශපාලනය
රටේ රජයට එරෙහිව විරුද්ධ පක්ෂවල කුමන්ත්‍රණ පිටුපස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිටින බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානයේ ජාතික සංවිධායක නිරුක්ෂ කුමාර මහතා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට චෝදනා එල්ල වී =ඇති බවයි.
මෙම චෝදනා ඔප්පු වී අධිකරණ පරීක්ෂණ මගින් ඔහු වරදකරු වුවහොත්, ශ්‍රී ලංකා ඉතිහාසයේ වරදකරු වූ පළමු හිටපු විධායක ජනාධිපතිවරයා බවට රනිල් වික්‍රමසිංහ පත්වනු ඇත.
එම දඬුවමෙන් බේරීම සඳහා රනිල් විසින්, සජිත් ප්‍රේමදාස, නාමල් රාජපක්ෂ සහ නීතිඥ සංගමයේ සභාපතිවරයා ඉත්තන් ලෙස යොදා ගනිමින් සිටින බව ඔහු පැවසීය.