රෝස මලක් පුදා ආරම්භ කළ සාමකාමී පීඩිත නිරායුධ ලාංකිකයන්ගේ ලේ වැගිරීම ජාත්‍යන්තරය දැක්කේ මෙහෙමයි.. (PHOTOS)

sri lanka International media Media reporting at Rambukkana incident
By krishani Apr 20, 2022 03:40 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් ජාත්‍යන්තරයේ විවිධ සුප්‍රසිද්ධ මාධ්‍ය නාලිකා විසින් ද වාර්තා කර ඇත.

ඉන්ධන බවුසරයක් ගිනි තැබීමට උත්සාහ කිරීමේදී, විරෝධතාකරුවන් මර්දනය කිරීමට පොලීසිය විසින් අවම බලය භාවිත කරමින්, කඳුලු ගෑස් සහ වෙඩි ප්‍රහාර එල්ල කළ බවයි පොලිස්පතිවරයා ප්‍රකාශ කර සිටියේ.

මෙම සිද්ධිය පිළිබඳ අමරිකානු රජයේ ශ්‍රී ලංකා තානාපතිනිය ද සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා.

ඒ ඊයේ දින රඹුක්කන ප්‍රදේශයේ සිදු වූ සිද්ධිය බිහිසුණු වන අතර, ඒ පිළිබඳ තමන් දැඩි ලෙස කනගාටු වන බව ජූලි චන්ග් (Julie Chung) ප්‍රකාශ කරනවා. ඇය පෙන්වා දෙන්නේ, විරෝධතාකරුවන්ට සහ පොලීසියට එරෙහිව ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීම තමන් දැඩි ලෙස හෙළා දකින අතර, සියලුම දෙනා සංයමයෙන් කටයුතු කිරීමට ක්‍රියා කරන්නේ නම් වඩාත් යහපත් බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් විසින් ද ඊයේ(19) රඹුක්කන සිදු වූ සිදුවීම පිළිබඳ දැඩි කනගාටුව පළ කර තිබෙනවා. නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ, එක් අයෙකුට ජීවිතය අහිමි වූ වෙඩි ප්‍රහාරය ගැන අසා තමන් බලවත් කම්පනයට පත් වූ අතර, එම සිදුවීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත්, සාමකාමීව විරෝධතා කිරීමට වගබලා ගන්නා ලෙසත් ඇය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා.

තවද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් ද රඹුක්කන සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කර තිබෙනවා. ඇය ප්‍රකාශ කළේ, පුරවැසි බලය ආරක්ෂා කරමින්, ගත හැකි අවම ප්‍රමාණයේ බලය භාවිත කිරීමට වගබලාගත යුතු බවයි.

ජාත්‍යන්තර සුප්‍රසිද්ධ මාධ්‍ය වන බී.බී.සී, අල්ජසීරා.ස්කයි, රොයිටර් වැනි පුවත් මාධ්‍ය විසින් රඹුක්කන සිදුවීම සිය ප්‍රධාන ප්‍රවෘත්ති ලැයිස්තුවට ගෙන තිබෙන අයුරු දක්නට ලැබුණා.

ඒ අනුව බී.බී.සී නාලිකාව විසින් ආසියාතික ප්‍රධාන ප්‍රවෘත්ති ලැයිස්තුවට ඉහළින් ම සටහන් කර තිබුණේ, ''one killed after police Fire at protest in Rambukkana'' යනුවෙන්. රට පත් ව ඇති දැඩි ආර්ථික, දේශපාලනික අර්බුදයන්ට කඩිනම් විසඳුම් ඉල්ලා සහ පාර්ලිමේන්තුවේ සිටින සියලුම මහජන නියෝජිතයින් එපා යැයි කියමින් විවිධ ප්‍රදේශවල විරෝධතා ආරම්භ වුණා.

ගාලුමුවදොර 12 වැනි දිනටත් (20) අද පැවැත්වෙන නිර්පාක්ෂික අරගලය මෙරට තුළ සහ ජාත්‍යන්තරයේ ද වැඩි කතාබහකට පත් වුණා.

ඇතැම් අවස්ථාවලදී විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් මෙන්ම, සියලුම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද අරගල බිමට අවතීර්ණ වූයේ, රට පත්ව ඇති ඛේදනීය ඉරණම තවදුරටත් අවධාරණය කරමින්.

"GOHOMEGOTA'' යනුවෙන් සටන් පාඨ පෙරදැරි කරගනිමින්, විරෝධතාකරුවන් ජාත්‍යන්තරයට මෙන්ම මෙරට පාලකයින්ට ඉගැන්වූයේ සාමකාමීව අරගල කරන අයුරුයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join

 

GalleryGalleryGalleryGallery