රාජිත සේනාරත්නට ඇප? මෙන්න වෙන්න යනදේ

Report

තමන්ව අපේක්ෂිත ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 30 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

1 සහ 6 ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - තාක්ෂණය විෂයට වැඩි ඉඩක්

1 සහ 6 ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ - තාක්ෂණය විෂයට වැඩි ඉඩක්

මෙම පෙත්සම අද (24) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංග වංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී ඇප ප්‍රතික්ෂේප කිරීමට අදාළ මහෙස්ත්‍රාත් අධිකරණයේ තීන්දුවේ පිටපත මහාධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති බැවින් මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන්ට නියෝගයක් නිකුත් කළ නොහැකි බව මහාධිකරණ විනිසුරුවරිය පෙන්වා දුන්නේය.

අස්වැසුමෙන් සුභ ආරංචියක් - මෙන්න සල්ලි පොතට වැටෙන දිනේ

අස්වැසුමෙන් සුභ ආරංචියක් - මෙන්න සල්ලි පොතට වැටෙන දිනේ

ඒ අනුව අදාළ ඇප තීන්දුවේ පිටපතක් ඉදිරිපත් කිරීමෙන් පසු මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස මහාධිකරණ විනිසුරුවරිය රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට දැනුම් දුන්නේය.

ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම ලබන 30 වනදා දක්වා කල් තැබුණි.