රාජිත, දයාසිරි ,කෙහෙළියට වැඩ වරදී

Dr Rajitha Senaratne Keheliya Rambukwella Sri Lanka Politician Dayasiri Jayasekara Sinhala news
By Ashfa May 22, 2025 02:30 PM GMT
Ashfa

Ashfa

Report

ජනාධිපති අරමුදල් වංචා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රාජිත සේනාරත්න, දයාසිරි ජයසේකර සහ කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු හිටපු ඇමතිවරුන් ඇතුළු 12 දෙනෙකුගේ ගිණුම් පරීක්ෂා කිරීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා.

"අනේ සිකියුරිටි අංකල් මාව බේරගන්න" - අම්ශිකා දැරියගේ නඩුවේ සාක්ෂි කැදවයි

"අනේ සිකියුරිටි අංකල් මාව බේරගන්න" - අම්ශිකා දැරියගේ නඩුවේ සාක්ෂි කැදවයි

කොටුව මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය අදාළ රාජ්‍ය බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ අංශය අවසර ලබා දෙමින් ඊයේ (21) මෙම නියෝගය නිකුත් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට දැනුම් දී ඇත්තේ, අරමුදල් බෙදා හැරීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට ලැබී ඇති තොරතුරු මත පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

කොල්ලට ගහලා කෙල්ලව උස්සන් ගිහින් (VIDEO)

කොල්ලට ගහලා කෙල්ලව උස්සන් ගිහින් (VIDEO)

ඒ අනුව, විමර්ශනයට අවශ්‍ය සහයෝගය දැක්වීමට සහ අවශ්‍ය තොරතුරු සැපයීමට මහේස්ත්‍රාත්වරිය අදාළ රාජ්‍ය බැංකුවලට ද නියෝගයක් ද නිකුත් කර තිබෙනවා.

මෙහිදී අරමුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 36 දෙනෙකු සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් සිදු කළ බවත් අනතුරුව ඉන් මහජන නියෝජිතයින් 22 දෙනෙකු සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පවසා තිබුණා.

අප්‍රේල් 30 වැනිදා මෙම විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව මෙම විමර්ශනය සඳහා සහයෝගය දක්වන ලෙස රජයේ සහ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුට මෙන්ම විදේශ ලේකම්වරයාට ද නියෝග තිබෙනවා.

ReeCha