රාජ පක්ශ පවුලම එක්ව සාකච්ඡා කළේ මොනාද..?

By Sithumi Apr 26, 2022 01:43 PM GMT
Sithumi

Sithumi

Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පවත්වා ඇති බව වාර්තාවේ.

කොටුව ජනාධිපති මන්දිරයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇති අතර එය මධ්‍යම රාත්‍රිය දක්වා පැවති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. අමාත්‍ය මණ්ඩල හමුවෙන් අනතුරුව මෙම සාකච්ඡාව ආරම්භ වී ඇත. 

 ඊට ජනාධිපතිවරයාට අමතරව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සහභාගී වී ඇති බව වාර්තා වේ.

පවතින දේශපාලනික, ආර්ථික සහ සමාජ අර්බුදය පිළිබඳව සාකච්ඡාවට ලක්ව ඇති අතර විවිධ පාර්ශව ආණ්ඩුවට එරෙහිව ගෙන යන අරගල සම්බන්ධයෙන් ද සාකච්ඡාවට ලක්වී ඇති බව වාර්තාවේ.