විදුලිබිල වැඩි කළහොත් ජනතාව සමඟ පාරට බහිනවා - විපක්ෂ නායක
විදුලිබිල වැඩි කිරීමට ආණ්ඩුව තීරණය කළහොත්, ඊට එරෙහිව ජනතාව සමඟ එක්ව උද්ඝෝෂණයකට එළඹෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
අගලවත්ත ප්‍රදේශයේ ඊයේ (11) පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“විදුලිබිල අඩු කිරීමට අවස්ථාව තිබියදීත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි සම්පූර්ණ කිරීමට යැයි පවසමින් විදුලිබිල වැඩි කිරීමට සූදානම් වන බවට කතාවක් යනවා. මම ප්‍රාර්ථනා කරනවා විදුලිබිල අඩු වේවි කියලා. නමුත් බැරිවෙලාවත් විදුලිබිල වැඩි කළහොත්, මේ රටේ ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගික ජනතාව සමඟ එක්ව විදුලිබිල අඩු කිරීම වෙනුවෙන් මහපාරට බැස උද්ඝෝෂණය කරමින්, රජයට පීඩනය එල්ල කිරීමට අපි කටයුතු කරනවා” යැයි ඔහු ප්‍රකාශ කළේය.