පළාත් රැසකට කාලගුණ දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද දිනයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි.

විශේෂයෙන් ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර, හම්බන්තොට සහ නුවරඑලිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි ප්‍රමාණයක තද වැසි ඇති විය හැකි බවට අවධානය යොමු කර ඇත. මෙවැනි වර්ෂාවන් හේතුවෙන් හදිසි ගංවතුර, පස්සාරි වැටීම් සහ ජලය රැඳී සිටින තත්ත්වයන් ඇතිවිය හැකි බැවින් ජනතාවට විමසිලිමත් වීමට උපදෙස් දී ඇත.

සෙසු ප්‍රදේශවල පස්වරු 2.00ට පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බව සඳහන් කරයි.

ඉතිහාසයේ ‘හොඳම ජනවාරිය මේ අවුරුද්දේ.. මෙන්න හේතුව

ඉතිහාසයේ ‘හොඳම ජනවාරිය මේ අවුරුද්දේ.. මෙන්න හේතුව

උතුරු සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 30–40 අතර වේගයෙන් තද සුළං විටින් විට හමන්නට ඉඩ ඇති බව ද වාර්තා කර ඇත.

එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයන් පවතිනු ඇතැයිද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා ඇත.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී ඇත.  

අද දිනය ඔබට වාසනාවන්තද? | ලග්න පලාපල

අද දිනය ඔබට වාසනාවන්තද? | ලග්න පලාපල