කාලගුණයෙන් දැනුම් දීමක්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් දැනුම් දෙන්නේ දැනට පවතින වැසි තත්ත්වය නොවැම්බර් මස මැද වනතුරු පවතින බවයි.
නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා දක්වන්නේ පවතින අන්තර් මෝසම් තත්ත්වය නොවැම්බර් මස මැද දක්වා පවතින බවයි.
මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී ඒ හේතුවෙන් වැසි ඇති විය හැකි බවද ඔහු පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (30) දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 2න් පසු වැසි ඇති වන බවයි.
මිලි මීටර් 75 ඉක්මවූ වැසි සබරගමුව සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලට ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙනවා.
ගත වූ පැය 24 කාලය තුළදී දිවයිනේ වැඩිම වර්ෂාපතන තත්ත්වය වූ මිලි මීටර් 93ක වර්ෂාපතනය වාර්තා වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ විතානකන්ද ප්‍රදේශයෙනි.
මහවැලි ගඟ ආශ්‍රිත වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, බෝවතැන්න ආදී ජලාශ ආශ්‍රිත ප්‍රදේශවලින් සැලකියයුතු වර්ෂාපතන තත්ත්වයක් වාර්තා නොවීය.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ කළු ගඟේ කුඩා ගඟ සහ නිල්වලා ගඟ ආශ්‍රිතව පසුගිය දිනවල පැවැති ගංවතුර තත්ත්වය මේ වනවිට බැසයමින් පවතින බවයි.
