තරගයේ තුන්වැනි දිනයට වැස්සෙන් බාධා - ශ්‍රී ලංකා ඉනිම අසීරු තැනක [LIVE VIDEO]
By Malith Madushan
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබේ. දිවා ආහාර විවේකයෙන් අනතුරුව යළිත් වර්ෂාව ඇදහැලීම හේතුවෙන් තරගය ආරම්භ කිරීමට නොහැකි වී ඇත.
දිවා ආහාරය වනවිට ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 130ක් ලබා සිටි අතර, ඉන්දියාවේ පළමු ඉනිමේ ලකුණු 503ට වඩා තවමත් ලකුණු 373ක් පසුපසින් සිටී. ශ්‍රී ලංකා ඉනිම ගොඩනගමින් සිටින පසිඳු සූරියබණ්ඩාර නොදැවී ලකුණු 65ක් රැස් කරගෙන සිටින අතර, නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 4ක් ලබා ඔහුට එක්ව සිටී.
පසිඳු සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය පන්දු 76කින් වාර්තා කළේය. ඉන්දීය පන්දු යැවීමේදී ප්‍රසිද් ක්‍රිෂ්ණා කැපී පෙනෙන දස්කම් දක්වමින් කඩුලු 3ක් දවාගෙන ඇති අතර, මනව් සුතාර් එක් කඩුල්ලක් ලබාගෙන තිබේ.