ඇමති මැදිහත්වීමෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන්..

Railway
By Thaya Feb 11, 2021 07:40 PM GMT
Thaya

Thaya

Report

කණිෂ්ඨ කාර්ය මණඩල පුරප්පාඩුව පිරවීම හා අනිකුත් ගැටලු සදහා ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මහතා සමග අද (11) පැවති සාකච්ඡාවකදී සාධනීය විසදුම් ලැබුණු බැවින් දුම්රිය ස්ථානාධිපතිවරු අධීක්ෂණ ආවරණ රාජකාරිවලින් ඉවත් වීමට ගත් තීරණය අත්හිටවු බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

අද දහවල් ප්‍රවාහන අමාත්‍යංශයේදී ප්‍රවාහන ඇමතිවරයා ,ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා හා දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු යන මහත්වරු ඇතැළු නිලධාරින් සමග පැවැති සාකච්ජාවේදී දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලිම් වල ප්‍රගතිය සම්බන්ධයෙන් සොයා බැලීමට ඉදිරි සතියේ දිනයක් ලබා දීමට ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මහතා පොරොන්දුවී තිබේ. ප්‍රවාහන ඇමති ගාමිණී ලොකුගේ මහතා ලබා දුන් පොරොන්තුදුව මත දුම්රිය ස්ථානාධිපතිවරු ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ අධික්ෂණ ආවරණ රාජකාරි වලින් ඉවත්වීම ට ගත් වෘත්තීය ක්‍රියාමාර්ගය අතහැර තිබේ. වෘත්තීය ක්‍රියාමාර්ගය ගෙන තිබුවත් මගීන්ට කිසිදු බාධාවක් නොවන අයුරින් ප්‍රවේශපත්‍ර නිකුත් කල බවත් දුම්රිය ධාවනයේ කිසිදු වෙනසක් ඇති නොවු බවත් කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.