දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 3000ක් පුරවන්න යයි..අයදුම් කරන්න පුලුවන් මේ අයට විතරයි..
දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලවල වැටුප් සහ උසස්වීම් සම්බන්ධව මේ වන විට මතුව තිබෙන විවිධ ගැටලු සහ දුම්රිය රියදුරු ඇතුළු අනෙකුත් ශ්‍රේණිවල වැටුප් හා උසස්වීම් සම්බන්ධව මතුව තිබෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මෙහිදී දුම්රිය දෙපාර්මේන්තු පවතින කාර්ය මණ්ඩල පුරප්පාඩු සම්පුර්ණ කිරීම සඳහා මේ වන විටත් අනුමැතිය ලැබී තිබෙන පරිදි බහු කාර්ය බලකායෙන් 3000ක පිරිසක් දුම්රිය සේවයට ඇතුලත් කරගැනීම මෙම මස තුල අවසන් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා විසින් අදාළ නිලධාරීන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.
එහිදී තෝරා ගන්නා පිරිස ඔවුන් පදිංචි ප්‍රදේශවලම දුම්රිය ස්ථාන ආශ්‍රිතව සේවයේ යෙදවීම පිළිබඳව විශේෂ අවධානය යොමු කරන ලෙසද අමාත්‍යවරයා අවධාරණය කළේය.
දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේ ගැටලුවද කඩිනමින් නිරාකරණය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය කඩිනමින් යොමු කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල සම්බන්ධව මතුවන ගැටලු විමර්ශනය කිරීම සඳහා විශේෂ ඒකකයක් පිහිටුවීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.
මේ වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ විවිධ නිලධාරීන් සම්බන්ධව පවතින විනය පරීක්ෂණ සහ චෝදනා සම්බන්ධව සිදු කෙරෙන පරීක්ෂණ වඩාත් විධිමත්ව සිදු කිරීම සඳහා ස්වාධීන විමර්ශන කණ්ඩායමක සහාය ලබා ගනිමින් කටයුතු කිරීමට අවශ්‍ය සහාය ලබාදෙන බව අමාත්‍යංශ ලේකම්වරයා මෙහිදී ප්‍රකාශ කළේය.
ඒ අනුව වෘත්තිය සමිති සහ කාර්ය මණ්ඩලය ලෙසත්, පරිපාලනය බාර නිලධාරීන් ලෙසත් තමන්ට පවතින ගැටලු සෑම අවස්ථාවකම සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගනිමින් මගී ජනතාව සහ රජය අපහසුව පත් නොකරමින් කටයුතු කිරීමට පියවර ගැනීමේ වැදගත්කම පිළිබඳව මෙහිදී අමාත්‍යවරයා විසින් අවධාරණය කළේය.
අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවති මෙම සාකච්ඡාව සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් M M P K මායාදුන්නේ මහතා , දුම්රිය සාමාන්‍යාධිකාරී ඇතුළු නිලධාරීන්, දුම්රිය නියාමක, රියදුරු, ඉංජිනේරු ඇතුළු සියලු ශ්‍රේණි නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |