ඔබව පුදුමයට පත්කරවන අලිමංකඩ "රීචා කාබනික ගොවිපල".. එකපාරක් ගියොත් නවතින්න හිතෙන තැනක්.(VIDEO/PHOTOS)
අපේ රටේ වගේම ලෝකයේ ඕනෑම රටක, ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට පවුල් පිටින් ඇවිත් සතුටු වෙන්න විනෝද වෙන්න පුලුවන් සුපිරිම තැනක් ලංකාවේ, උතුරේ, අලිමංකඩ ප්‍රදේශයේ පවතිනව කිව්වොත් ඇත්තටම ඔබ විශ්වාස කරන එකක් නැහැ.
ඒත් ඔබව පුදුමයට පත් කරවන අක්කර 150ක භූමි භාගයක විහිදුණු මෙම විශේෂ තැන ගැන තොරතුරු රැසක් අනාවරණය කරන්නටයි අද අපේ මේ සූදානම.
මීට පෙර යාපනය අලිමංකඩ ප්‍රදේශයේ හිස් මුඩු බිමක් ලෙස පැවති මෙම අක්කර 150 ක වපසරිය මේ වන විට පොල් ගස් 10000කින් සහ තල් ගස් විශාල ප්‍රමාණයකින් සමන්විත විවිධ නීල හරිත ශාකයන් ගෙන් යුත් මනස්කාන්ත පරිසරයක් බවට පත් කර තිබීම පුදුමය දනවන කාරණයකි.
තවමත් නිර්මාණය වෙමින් පවතින මෙම සශ්‍රීක භූමිය "රීචා කාබනික ගොවිපල" නමින් හදුන්වයි.
දැනටමත් විශාල ප්‍රමාණයක් වගා කර ඇති, මෙහි, කාබනික ආහාර නිෂ්පාදනය, සත්ව පාලනය (කුකුලන්- බිත්තර හා මස් සදහා), සියලු පහසුකම් වලින් යුත් යෞවන ආකර්ෂණය දිනාගත් අවන්හල ( reeCha forest island cafe) හා කාබනික ආහාර ගබඩාවක්ද මෙහි පවත්වාගෙන යනු ලබයි.
තවද දරුවන් වෙනුවෙන්ම ඇති තරම් සතුටු වන්න විනෝද වෙන්න, සෙල්ලම් කරන්න ළමා උද්‍යාන ඇතුලු විශේෂ පහසුකම් රැසක් මෙහි වෙන් කර තිබේ.
ගාර්ඩ්න් ෂෙඩ් වැනි ගොඩනැගිලි, Richa Forest Island Cafe, The Love Bench, රටවල් කිහිපයක විවිධ රසයන් ගෙන් යුත් ආහාර රටාවන් රැසකින් සමන්විත අවන්හල්, මෙහි දක්නට ලැබෙන තවත් විශේෂ අංග අතර වේ.
මෙම ස්ථානය නැරඹීමට පැමිණෙන ඔබට ඉතාමත් මනස්කාන්ත, සතුටු විය හැකි සුන්දර තෝතැන්නකි.
උතුරේ අයට පමණක් නොව ලංකාවේ ඕනම ප්‍රදේශයක අයෙකුට වුවද යාපනේ යනවනම් මෙම අමුතුම අත්දැකීම විදින්නට දැන් අවස්ථාව උදාවී තිබේ.
වැඩි විස්තර මෙතනින් දැනගන්න ( https://reecha.lk/)
ඉතින් මේ සුපිරිම අත්දැකීම විදින්න යනවනම් ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වීඩියෝවක් සහ ඡායාරූප රැසක් පහතින් නරඹන්න.



























