දැවැන්ත වැඩවර්ජනයක් තාවකාලිකව අවසන් දකී
ඊයේ (21) උදෑසන 8ට ආරම්භ කළ රජය විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ වර්ජන ක්‍රියාමාර්ගය අද (22) උදෑසන 8 සිට දින 7කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
එමෙන්ම මෙම ගැටලුව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ සෞඛ්‍ය නියෝජ්‍ය ඇමතිවරයා සමඟ සාකච්ඡාවක් පැවැති අතර එම සාකච්ඡාවේදී මාළිඟාවත්ත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ලෙස රාජකාරී ආවරණය කරන පුද්ගලයා විසින් සිදුකළ නීතිවිරෝධී සහ විෂමාචාරී ක්‍රියාව සම්බන්ධයෙන් මේ වන විටත් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් සතියක කාලයක් ඇතුළත සංඝමයේ ඉල්ලීම පරිදි අපක්ෂපාතී විමර්ශනයකට අවශ්‍ය වටපිටාව සකස් කිරීමට අදාල තීරණය ගන්නා බවට එකඟතාවය පළ කර තිබේ.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අදාළ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂය යටතේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන්ද කඩිනම් විමර්ශනයක් ආරම්භ කිරීමටද එකඟතාවය පළ කර ඇති බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රියේ රැස්වූ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ විධායක සභාව මෙම වර්ජන ක්‍රියාමාර්ගය දින 7කට තාවකාලිකව අත්හිටුවීමටත් පොරොන්දු වූ කාලය තුළ එකඟතාවයන් ඉටු නොකළහොත් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමටත් තීරණය කර ඇත.
එමෙන්ම අද උදෑසන 8 සිට දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ සියලු සේවාවන් සාමාන්‍ය ආකාරයෙන් රෝගීන්ට ලබාගැනීමේ හැකියාව හිමි වේ. අදාළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ සෞඛ්‍ය සේවාව තුළ මෙලෙස අනීතික සහ විෂමාචාරී ක්‍රියාවන්හි නිරත පුද්ගලයන්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග සහ එවැනි පුද්ගලයන්ට ආරක්ෂාව සපයන සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් පිළිබඳව විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය අවධානයෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටි බවයි.
වැඩිදුරටත් රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසන්නේ ඊයේ දිනය තුළ රෝගී සත්කාර සේවාවන්ට සිදුවූ බලපෑම සම්බන්ධයෙන් සියලු වගකීම් තම වගකීම පැහැර හැරි සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් භාරගත යුතු බවයි.