නවසීලන්ත සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමට පුහුණු වීම් වලට ලැබුණු මෙරට සුපිරි ක්‍රීඩාංගණය. (PHOTOS)

Sri Lanka Cricket Sri Lanka New Zealand Cricket Team
By Wayomi Feb 15, 2023 10:55 AM GMT
Wayomi

Wayomi

Report

 ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයට පෙර ජාතික කණ්ඩායම් පුහුණුවීම් සඳහා ප්‍රතිසංවර්ධනය කර ඇති "රදැල්ල" ක්‍රීඩාංගනය සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

නුවරඑළිය රදැල්ල ප්‍රදේශයේ 1856 දී ඉදිකරන ලද මෙම ක්‍රිකට් ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට පුහුනුවීම් සඳහා භාවිතා කළ හැකි ඉහලම උන්නතාංශය ඇති ක්‍රීඩාංගනයයි.

මුහුදු මට්ටමේ සිට අඩි 4200ක් උසින් පිහිටා ඇති අතර නවසීලන්තයට බෙහෙවින් සමාන දේශගුන තත්වයන් රදැල්ල අවට ප්‍රදේශයට ඇති බැවින් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට පිටත්ව යාමට පෙර සතියක පුහුණු සැසියක් ආරම්භ කිරීම සඳහා පෙබරවාරි 16 වන දින රදැල්ලට යාමට නියමිතයි.

ජාතික කණ්ඩායමේ පුහුණු සැසි සාර්ථකව පැවැත්වීම සඳහා ක්‍රීඩාංගණය දැන් මධ්‍ය තණතිලි කඩුලු 4 කින් සහ අලුතින් තැනූ පුහුණු තණතිලි කින් මෙන්ම අනෙකුත් පහසුකම්වලින් ද සමන්විතයි.

මෙම ක්‍රීඩාංගනයේ හිමිකරුවන් වන ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජික දිඹුල මලල ක්‍රීඩා සමාජය සහ ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් ලබාදුන් එකඟතාවය මත ක්‍රීඩාංගනය ප්‍රතිසංවර්ධනය කිරීම ආරම්භ කරනු ලැබුවා.

ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රීඩාංගන පහසුකම් කළමනාකරු ගොඩ්ෆ්‍රි දාබරේරාගේ ප්‍රධානත්වයෙන් යුත් 20 දෙනෙකුගෙන් යුත්, පළපුරුදු ක්‍රීඩාංගණ කළමනාකරණ කණ්ඩායමක්, මෙම ක්‍රීඩාංගණය යථා තත්ත්වයට පත් කිරීමට සති කිහිපයක් පුරා කටයුතු කළා. 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  

JOIN NOW


GalleryGalleryGalleryGalleryGallery