විශේෂ රථවාහන සැලැස්මක්..!
By Sewvandhi
පොලීසිය පවසන්නේ, 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙන බවයි.
ඒ අනුව තරග පැවැත්වෙන දින වන සැප්තැම්බර් මස 09,10,12,14,15 සහ 17 යන දිනයන්හිදී ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය ආශ්‍රිතව ඇතැම් මාර්ගවල රථවාහන ධාවනය සීමා කිරීමට තීරණය කර ඇත.
එනම්, තරග පැවැත්වෙන දිනවල දහවල් 12 සිට මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වනු ඇති.