කබ්රාල් කෝටි 180ක ගෙවපු කතාව.. මහජන සල්ලිද? ප්‍රශ්න ගොඩක්
2012 වසරේදී ග්‍රීසියේ බැඳුම්කරවල මුදල් ආයෝජනය කිරීමෙන් රජයට සිදු වූ පාඩුව තමන් විසින් ගෙවා දැමූ බවට සමාජ ජාලවල පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම පුවත සම්පූර්ණ අසත්‍යයක් බවත්, තමන් එවැනි කිසිදු ගෙවීමක් සිදු කර නොමැති බවත්ය. එමෙන්ම, එවැනි ගෙවීමක් සිදු කිරීමට කිසිදු හේතුවක් නොමැති බවත්, තම නීතිඥවරුන් විසින් එම කරුණ අධිකරණයට පැහැදිලිව දන්වා ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මෙම බැඳුම්කර ආයෝජනය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සහ ඒවාට එරෙහිව නඩු විභාග පවතින අතර, සමාජ ජාලවල මෙවැනි අසත්‍ය තොරතුරු පැතිරීම මගින් ඔහුගේ නමට හානි සිදු කිරීමේ උත්සාහයක් බවද කබ්රාල් මහතාගේ සටහනෙන් තහවුරු වේ.
