ජනතාව බියවද්දමින් නිරෝධායන පනත අවභාවිත කරනවාද ?

covid19 quarantine GMOA travel restriction Senal Fernando
By Sewvandhi Jul 12, 2021 11:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිරෝධායන පනතේ බලතල පොලීසිය ඇතුළු ආයතනයන් ට ලබාදී ඇත්තේ එය ඒකාකාරීව ක්‍රියාත්මක කිරීමට බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ, නිරෝධායන පනත යොදා ගනිමින් විරෝධතාකරුවන් පාලනයට ක්‍රියාමාර්ග ගැනිම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බවය.

එක් එක් පුද්ගලයාට හෝ එක් එක් දේශපාලන කණ්ඩායම මත පදනම් ව නිරෝධායන පනත ක්‍රියාත්මක කළ නොහැකි බව ද ඒ මහතා පැවසීය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදී ඇති නිරෝධායන පනතේ බලපත පොලීසිය ඇතුළු පුද්ගලයින් අවභාවිත කරන්නේ නම් රට තුළ කිසිවිටෙකත් එක් රටක් යන සංකල්පය ක්‍රියාත්මක නොවන බව ද ඒ මහතා කියා සිටියේය.

“ඒ නිසා අද අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටිනවා නිරෝධායන පනත අවභාවිතය කිරීම, එක් එක් පුද්ගලයාට නීතිය විවිධාකාරයෙන් භාවිතා වීම එසේත් නැතිනම් ජනතාව බියවැද්දීම සඳහා නිරෝධායන නීතිය භාවිත කිරීම වැළැක්වීමට නිරෝධායන පනතේ බලධාරියා ලෙස කටයුතු කරන්න කියලා. එසේ නැතිනම් නිරෝධායන පනතට ජනතාවගේ මේ පිළිබඳ තිබෙන විශ්වාසය නැතිවෙනවා.“


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now