ඇදිරි නීතිය කැඩු අය අල්ලා මහ පාරේ සිදු කරන දේ..?

curfew covid19 lock down quarantine PCR
By Sewvandhi Sep 10, 2021 03:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා ඇති නිරෝධායන ඇදිරිනිතිය නොතකා නාවලපිටිය නගරයට පැමිණි පිරිසක් සහ නාවලපිටිය නගරයේ විවෘත කර ඇති අත්‍යාවශ්‍ය සේවා වෙලදසැල්වල හිමිකරුවන් සහ සේවකයින් 150 දෙනෙකු අහඹු ලෙස (09) දින පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කරනු ලැබුහ.

නාවලපිටිය පස්බාගේ කෝරලයේ සෞඛ්‍යය වෛද්‍යය නිලධාරින් සහ මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් ,නාවලපිටිය පොලිසියේ නිලධාරින්ගේ සහයෝගය මත නාවලපිටිය නගර මධ්‍යයයේදි මෙසේ අහඹු ලෙස පි.සි.ආර් පරික්ෂණය සිදු කරනු ලැබුහ.

අහඹු ලෙස පි.සි.ආර් පරික්ෂණ භාජනය කරනු ලැබු පුද්ගලයින්ගේ දත්ථ වාර්ථාවක් මහජන සෞඛ්‍යය පරික්ෂක වරුන් විසින් ලබා ගත් අතර එම පරික්ෂණයේදි අසාදිතයන් හමුවුවහොත් එම අසාධිතයන් නිරෝධායන ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කරණ බවද මහජන සෞඛ්‍යය පරික්ෂකවරුන් පැවසිය.

මේ අතර,නව කොරෝනා ආසාදිතයින් 2,856 දෙනෙකු ඊයේ හමුවීමත් සමඟ, මෙරට මුළු ආසාදිතයින් සංඛ්‍යාව හාර ලක්ෂ 77,636 දක්වා ඉහළ ගියා. පසුගිය 08 වැනි දා සිදු වූ තවත් කොරෝනා ආසාදිත මරණ 175ක් ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කළා.

ඊට පිරිමි පුද්ගලයන් 96ක් සහ කාන්තාවන් 79ක් ඇතුළත්. මියගිය පිරිස අතර, 139 දෙනෙක් අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වන අතර, ඊට පිරිමි පුද්ගලයින් 77ක් ඇතුළත්. අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර, එහි කාන්තාවන් 16 දෙනෙක් සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 10,864ක් ලෙසින්.

මේ අතර, පසුගිය සති කිහිපයට සාපේක්ෂ ව මෙරට රෝහල්වල ඔක්සිජන් භාවිතය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා. කුණ්ඩසාලේ ප්‍රාදේශීය කොවිඩ් රැස්වීමට සූම් තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මීට පෙර දිනවල දෛනික ඔක්සිජන් භාවිතය ටොන් 140ක පමණ ප්‍රමාණයක් දක්වා ඉහළ ගිය බවයි.

එසේම, වයස අවුරුදු 12ත් 18ත් අතර ළමයි සඳහා කඩිනමින් එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමු කෙරෙන බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වැඩිදුරටත් සඳහන් කළා. කොරෝනා වසංගතය හේතුවෙන් වසර එක හමාරක පමණ කාලයක් ‍විටින් විට පාසල් වසා දැමීමට සිදු ව තිබෙන බැවින්, කඩිනමින් පාසල් විවෘත කිරිම සඳහා ළමයින්ගේ එන්නත්කරණය කිරීම ආරම්භ කළ යුතු බවයි අමාත්‍යවරයා එහි දී අවධාරණය කළේ.

මේ වනවිට ගුරුවරුන් ඇතුළු අනධ්‍යන කාර්ය මණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බැවින් පාසල් ළමයින්ගේ එන්නත්කරණය අවසන් කිරීමත් සමඟ පාසල් යළි විවෘත කිරීමට හැකිවනු ඇති බවයි අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ.

මෙම එන්නත්කරණ වැඩසටහන යටතේ දරුවන් ලක්ෂ විස්සක් පමණ එන්නත් කිරීමට හැකිවනු ඇති අතර, අවුරුදු 20ත් 29ත් අතර වයස් කාණ්ඩවලට මේ වනවිට පළමු මාත්‍රාව සියයට 34 කට සහ දෙවන මාත්‍රාව සියයට 12කට ලබා දී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහිදී වැඩිදුරටත් කියා සිටියා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now