රුසියන් ජනපතිගෙන් රතු එළියක්..ප්‍රහාරයකට සැරසෙයි..

Ukraine Russian Federation
By Aruna Jun 06, 2022 03:26 AM GMT
Aruna

Aruna

Report

බටහිර රටවල් යුක්රේනයට දිගු දුර ආයුධ සැපවුවහොත් යුක්රේනය ඉලක්කකර සිදුකරන ප්‍රහාර දැඩි කරන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් පවසනවා.

සති කිහිපයකට පසු කිව් අගනුවරට රුසියාව විසින් ඊයේ දිනයේදී ගුවන් ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමෙන් පසුවයි රුසියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ.

එමෙන්ම ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ යුක්රේනයට දිගුදුර රොකට් අවි ලබාදෙන බවට අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර ඇති පසුබිමකයි.

එලෙස යුක්රේනයට අවි සැපයීම යුද ගැටුම් තිව්‍ර කිරීමට හේතුවක් වනු ඇති බවත්, යුක්රේනය දිගුදුර රොකට් අවි ලබාගන්නේ නම් සුදුසු නිගමනවලට එළඹෙන බවත් රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සදහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now