මේ ජරමර අස්සේ ජනාධිපතිවරයෙක්ගේ පුත්තු දෙන්නේකුගේ රහසකුත් එලියට ඇවිත්..

By Piyumika Sep 09, 2024 03:48 AM GMT
Report

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට පුතුන් දෙදෙනෙකු සිටින බව රුසියානු මාධ්‍ය වාර්තා කර තිබේ.

ගෙදර යන ගමන් හිටපු තරුණයෙක්ට 'ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ ' වැඩක් වෙලා..

ගෙදර යන ගමන් හිටපු තරුණයෙක්ට 'ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්නා වගේ ' වැඩක් වෙලා..

එම මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ පුටින් හිටපු ඔලිම්පික් ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක් සමඟ සිය දෙවන විවාහය සිදු කර ඇති බවය. ඒ අනුව ඔහුගේ පිරිමි දරුවන් 2015 සහ 2019 වසරේ උපත ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත .

එමෙන්ම මෙම පිරිස ඉතා රහසිගතව සුබෝපභෝගි ජිවතයක් ගත කරන බව එම වාර්තා සඳහන් කර තිබේ.

මහ දවල් රාජ්‍ය අමාත්‍යවරයකු නීතිය නොසලකපු හැටි බලන්න ..(VIDEO)

මහ දවල් රාජ්‍ය අමාත්‍යවරයකු නීතිය නොසලකපු හැටි බලන්න ..(VIDEO)

රුසියානු ගවේෂණාත්මක පුවත්පත් වෙබ් අඩවියක් විසින් හෙළිදරව් කරන ලද විස්තරවල අනුව එම දරුවන් දෙදෙනාගේ නම් වන්නේ අයිවන් සහ ව්ලැඩිමීර් වශයෙනි.

ගෝලීය වශයෙන් බලවත්ම දේශපාලන නායකයෙකු වුවද, පුටින්ගේ පෞද්ගලික ජීවිතය අභිරහසක් වශයෙන් සඟවා තබා ගෙන තිබෙන බව මධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.

මිතුරන් සමග දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදන්..

මිතුරන් සමග දිය නාමින් සිටි තරුණයෙක් අතුරුදන්..

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබෙන්නේ පුටින්ගේ මෙම පිරිමි ළමයින් කිසිවෙක් පාසල් නොයන අතර ඒ වෙනුවට "පුටින්ගේ මාලිගාවල - රුසියානු සාර්වරුන්ගේ රාජකීය දරුවන් මෙන්" පුද්ගලික පන්ති පවත්වන බවත්ය .

පුටින් මීට පෙර මාධ්‍ය වෙත පවසා සිටියේ තමන්ට පලමු විවාහයෙන් දියණියන් දෙදෙනෙකු සිටින බවය.