මෝදී හා පුටින් එක්වේ - දීර්ඝ දුරකථන සංවාදයක් මේකයි ඉස්සරහට වෙන්නේ
රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් හා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සංවාදයක් වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එයට අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු නිවේදන මගින් ඇතිකරන ලද ගෝලීය වෙළෙඳ අවිනිෂ්චිතතා මධ්‍යයේ මෙම සාකච්ඡා සිදු වූ බවයි.
නරේන්ද්‍ර මෝඩි රුසියානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් ඉන්දු - රුසියා විශේෂ සහ වරප්‍රසාදිත උපායමාර්ගිත හවුල්කාරිත්වය තවදුරටත් ගැඹුරු කිරීමටද මෙමගින් තහවුරු කළ බවත් , දෙරට අතර ද්විපාර්ශ්වික න්‍යාය පත්‍රයේ ප්‍රගතිය සම්බන්ධව සමාලෝචනයක්ද මෙහිදී සිදුකළ බවත් ඔහු සිය X සටහන මගින් සඳහන් කළේය.
මීට අමතරව යුක්‍රේන - රුසියා ගැටුම සාමකාමීව විසඳා ගැනීම සඳහා ඉන්දියාවේ ස්ථාවරයද මෙහිදි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් රුසියානු ජනාධිපතිවරයා හමුවේ පවසා ඇත. රුසියාවෙන් තෙල් ආනයනය කිරීම සඳහා ඉන්දියාව පියවර ගැනීමට එරෙහිව අමෙරිකානු ජනාධිපතිවරයා ඉන්දියාවට අමතර තීරුබදු පැනවූ අතර එම තීරණයත් සමග ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ රුසියානු ජනාධිපතිවරයා මෙලෙස දුරකථන සාකච්ඡාවක නිරත වීම මේ වන විට විදෙස් මාධ්‍ය රැසක්ද වාර්තා කර තිබේ.