ලක්මව බබළවමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී සම්මානයට පාත්‍ර වූ ලාංකීය හෙදිය - (PHOTOS)
Most Powerful and Influential Women Award ජාත්‍යන්තර සම්මානයට පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය පාත්‍ර විය. පෙරේදා (15) පස්වරු 7 ට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල සංවිධානය කර තිබූ මෙම ගෝලීය සම්මාන උළල සදහා රටවල් 10 කට වඩා නියෝජිත පිරිසක් සහභාගි විය.
දේශපාලන බලවතුන්, ව්‍යාපාරික බලවතුන්, උගතුන් , විවිධ කේශ්ත්‍ර වල ප්‍රබලයන් ඇතුඵ විශාල පිරිසක් මේ සදහා නියෝජනය කර තිබුණි. World Humanitarian Foundation මෙය සංවිධානය කර තිබුණ අතර හෙද නිළධාරිණියක් මෙවන් සම්මානයකට පාත්‍ර වූ ප්‍රථම අවස්ථාවද මෙය විය.
තවද 15.09.2023 London Chamber of Commerce හි පැවැති Global Economic Forum Summit හි G20 සංවිධානය මගින් Global ICON Award ජාත්‍යන්තර සම්මානයෙන් ඇය පිදුම් ලැබීය.
මේ සදහා බොහෝ රටවල විවිධ ව්‍යාපාරික ප්‍රබලයන් සහභාගී වූ අතර මෙම සංවිධානයේ සභාපති ලෙස Dr. Hari Krishna Maram India කටයුතු කරන්නේය.
එලෙසම එම ගෝලීය සංවිධානයෙහි ශ්‍රී ලංකා තනාපති (Sri Lanka embasyder) ලෙස සාමාජිකත්වයද ඇයට පිරිනැමීම විශේෂත්වයකි. පුෂ්පා රම්‍යානි සොයිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුලත් London Chamber of Commerce හිදිත් ජාත්‍යන්තර සම්මාන ද්ව්ත්වයකින් පිදුම් ලැබීය



