දැනට රටේ තියෙන ඉන්ධන තොග ප්‍රමාණවත්ද? - මාස 6ක කාලයකට පෙට්‍රල් මිලදී ගැනීම ගැන රජයේ ස්ථාවරය මෙන්න!

Report

2025-04-15 සිට 2025-10-14 දක්වා කාල සීමාව තුළ පෙට්‍රල් 92 Unl නැව් තොග 05ක් මිලදී ගැනීම සඳහා කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර ඇත.

2025-04-15 සිට 2025-10-14 දක්වා මාස 06ක කාලයක් සඳහා පෙට්‍රල් 92 Unl බැරල් 300,000+/-5% බැගින් වූ නැව් තොග 05ක් මිලදී ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් ලංසු කැඳවීමක් සිදු කර තිබේ.

පෞද්ගලික අංශ සේවක වැටුප් සම්බන්ධයෙන් මෙන්න විශේෂ දැනුම්දීමක්!

පෞද්ගලික අංශ සේවක වැටුප් සම්බන්ධයෙන් මෙන්න විශේෂ දැනුම්දීමක්!

ඒ අනුව, සැපයුම්කරුවන් 07 දෙනෙකු විසින් එම ලංසු ඉදිරිපත් කර ඇත.

ස්ථාවර තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ ඇසුරින්, සාරානුකූලව ප්‍රතිචාර දැක්වූ අවම ලංසුකරු වන සිංගප්පූරුවේ M/s Vitol Asia Pte. Ltd. සමාගමට මෙම ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි විය.

ලංකාවටත් තදින්ම දැනුණු ට්‍රම්ප්ගේ බද්ද ගැන අද රාත්‍රියෙත් සාකච්ඡාවක්!

ලංකාවටත් තදින්ම දැනුණු ට්‍රම්ප්ගේ බද්ද ගැන අද රාත්‍රියෙත් සාකච්ඡාවක්!