“ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ ඇතුළු පක්ෂ නායකයන් මරා දැමූ විදිහ හොයන්නේ නැහැ” - පුබුදු ජාගොඩගෙන් ආණ්ඩුවට විවේචනයක් [VIDEO]

Report

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයන් ඇතුළු පිරිසක් අත්අඩංගුවේදී මියයෑම සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රමාණවත් ලෙස නීතිය ක්‍රියාත්මක වී නොමැති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ පවසයි.

පසුගියදා පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, තම පක්ෂයේ නිර්මාතෘවරයා ඇතුළු හිටපු නායක නායිකාවන් අත්අඩංගුවේදී මියගියේ කෙසේද යන්න සම්බන්ධයෙන් කරුණු සෙවීමට වත්මන් ආණ්ඩුව මැදිහත්විය යුතු බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පුබුදු ජාගොඩ,

“ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවරයා සහ දීර්ඝ කාලයක් එහි නායකයා වෙලා හිටපු රෝහණ විජේවීර සහෝදරයයි, මුළු දේශපාලන මණ්ඩලයේ, මධ්‍යම කාරක සභාවේ සැලකිය යුතු පිරිසකුයි මිය ගියේ මුහුණට මුහුණ වෙඩි තියාගෙන, යුද බිමක නෙමෙයි. ඔවුන් මිය ගියේ අත්අඩංගුවේදී. නිශ්චිතව රාජ්‍යය පිළිඅරන් තියෙනවා ඔවුන් අත්අඩංගුවට ගත්තා කියලා. පස්සේ කියන සුරංගනා කතා පැත්තකින් තියලා, ඔවුන් අත්අඩංගුවේදී මිය ගියේ කොහොමද කියන එක ගැන එතකොට දැන් මේ ආණ්ඩුව අඩුම ගණනේ තමන්ගේ පක්ෂයේ නිර්මාතෘවරයා ඇතුළු හිටපු නායක නායිකාවන් අත්අඩංගුවේදී මිය ගියේ කොහොමද කියන එක ගැන කොමිසමකින් හරි, මොනවා හරි විදිහකින් කරුණු හොයන්න උත්සාහ නොකර, මේ පස්සේ කාලයක වෙච්ච ඒවා කරයිද කියන සැකය මං හිතන්නේ තියෙන්නේ. දැන් අවුරුදු දෙකක් ගියා. මේ සිදුවීම් සම්බන්ධයෙන් නම් එහෙම මැදිහත්වීමක් පෙන්න නැහැ. කිසිම මැදිහත්වීමක්. ඉතින් එහෙම නම් ආණ්ඩුව, මං කියන්නේ ඉතුරු ඒවා පැත්තකින් තියන්නකෝ, තමන්ගේ පක්ෂ නායකයන් කොහොමද මරා දැමුවේ, කවුද ඒකට වගකිවයුත්තේ කියලා හොයන්න ඕනේ.”

ශ්‍රී ලංකාවට සුබ පණිවුඩයක් - කච්චතිව් ශ්‍රී ලංකාවට අයත් බව ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළිගනී

ශ්‍රී ලංකාවට සුබ පණිවුඩයක් - කච්චතිව් ශ්‍රී ලංකාවට අයත් බව ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිළිගනී

ක්ෂය රෝග මර්දන ඖෂධ තොගයක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරේ

ක්ෂය රෝග මර්දන ඖෂධ තොගයක් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරේ