රාජ්‍ය සේවකයන්ට අයවැයෙන් සහන වැස්සක්

Report

රාජ්‍ය සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප් පිළිබඳව ඇති ගැටලුවලSaවිශ්‍රාම වැටුප් ප්‍රතිලාභ හිමිකම් පිළිබඳව සඳහන් කර ඇති නමුත් එවැනි සේවකයෙකු විශ්‍රාම ගතහොත් දැනට පවතින විශ්‍රාම ක්‍රමයෙන් බැහැරව සැලකීම ප්‍රායෝගික නොවන බව ද ජනාධිපතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරමින් පැවසුවේය.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළට

විශ්‍රාම වැටුප් හිමිකම් පිළිබඳ වගන්තිය පත්වීම් ලිපිවලින් ඉවත් කරනු ලබමින් පවතින විශ්‍රාම වැටුප් ක්‍රමයට ඔවුන්ගේ හිමිකම තහවුරු කරනු ලබන බව ද ජනාධිපතිවරයා නිවේදනය කළේය. මේ අතර, 2025 සිදුකරන ලද වැටුප් සංශෝධනවලට අනුව එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් බිලියන 110ක ප්‍රතිපාදනයක් වෙන් කර තිබෙන අතර, 2026 වසරේ ජනවාරි මාසයේ වැටුප සිට සියලුම රාජ්‍ය අංශයේ සේවකයන්ට මෙම වැටුප් ගෙවීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවයට බදවා ගැනීම් මෙන්න - දහස් ගාණකට රජයේ රැකියා

රාජ්‍ය සේවයට බදවා ගැනීම් මෙන්න - දහස් ගාණකට රජයේ රැකියා

විශ්‍රාම වැටුප්සංශෝධන දෙවන අදියරේ දී 2020ට පෙර විශ්‍රාම ලැබූවන්ගේ විශ්‍රාම වැටුප් 2019 වසරේ වැටුප් ව්‍යුහය මත පදනම්ව සංශෝධනය කරනු ලබන අතර, මෙම සංශෝධිත වැටුප 2026 ජූලි මස සිට ගෙවීම සඳහා රුපියල් මිලියන 20,000ක් මුදලක් වෙන් කර තිබේ. රජයේ සේවකයින්ට ලබා දුන් දේපල ණය යෝජනා ක්‍රමය, නව ව්‍යුහයක් යටතේ රුපියල් ලක්ෂ 50 දක්වා ණය ලබා ගැනීමට හැකිවන පරිදි සක්‍රීය කිරීමට බලාපොරොත්තු වෙන අතර, එහිදී මුල් රුපියල් ලක්ෂ 30 දක්වා සියයට 4 ක පොලී සහනයක් ද, රුපියල් ලක්ෂ 30 සිට 50 දක්වා සියයට 2 පොලී සහනයක් ද ලබා දීම සඳහා රුපියල් මිලියන 500 ක් ලබාදීමට ජනාධිපතිවරයා යෝජනා කළේය.

ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට අමතර දීමනා මුදලක්

ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට අමතර දීමනා මුදලක්

දැනට රජයේ සේවකයන් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය තුළ රාජ්‍ය සේවකයන් හට යම් යම් සහන ලැබුණ ද, සේවක දායකත්වයේ අවමය රුපියල් 125 ක පැවතීම හේතුවෙන් සේවකයින් වෙත ලබා දෙන ප්‍රතිලාභ, ස්ථාවරව පවත්වා ගැනීම තහවුරු කිරීම සඳහා රුපියල් 125ක දායක මුදල තවත් රුපියල් 75 කින් ද, රුපියල් 300 සහ රුපියල් 600ක් වන මාසික දායකත්ව මුදල් තවත් රුපියල් 150 කින් ද වැඩි කිරීමටත් ජනාධිපතිවරයා යෝජනා කළේය. රජයේ සේවකයින්ට ලබා දෙන පොලී රහිත රුපියල් 10,000ක උත්සව අත්තිකාරම් මුදල රුපියල් 15,000දක්වා වැඩිකිරීමට යෝජනා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

රජයෙන් තවත් මුදල් දීමනාවක් - මෙන්න විස්තරේ

රජයෙන් තවත් මුදල් දීමනාවක් - මෙන්න විස්තරේ