රාජ්‍ය පරිපාලන ලේකම් හදිසියේම මෙහෙම තීරණයක් ගත්තේ ඇයි ..

Report

මෙම වසරේ (2024) දෙසැම්බර් මස සිට විශ්‍රාම යාමට නියමිතව තිබූ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න හෙට (30 වැනිදා) සිට විශ්‍රාම යාමට තීරණය කර තිබේ.

නාසා විද්‍යාඥයින් පවා කලබල වුණු අගහරු වල සීබ්‍රාවකු වගේ පෙනුන දේ..(VIDEO/PHOTOS)

නාසා විද්‍යාඥයින් පවා කලබල වුණු අගහරු වල සීබ්‍රාවකු වගේ පෙනුන දේ..(VIDEO/PHOTOS)

ඊට අදාළ ලිපි ලේඛන ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලේකම්වරයා විසින් යොමු කර ඇත.

ඔහු මෙම වසරේ දෙසැම්බර් මස සිට විශ්‍රාම යාමට තිබියදී නව ආණ්ඩුව යටතේ අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශවල නව ලේකම්වරයා ලෙස ගිය සතියේ වැඩ භාර ගත්තේය.

මේ දවස් වල කාගේත් කතාබහට ලක් වෙන ක්‍රිකට් පිලේ අලුත්ම වැඩකාරයා ගැන ඇන්ජෙලෝ කියපු දේ ..

මේ දවස් වල කාගේත් කතාබහට ලක් වෙන ක්‍රිකට් පිලේ අලුත්ම වැඩකාරයා ගැන ඇන්ජෙලෝ කියපු දේ ..

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්නගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ මෙම වසරේ දෙසැම්බර් 03 වැනිදා තමා විශ්‍රාම යාමට නියමිතව තිබුණද පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් හෙට (30 වැනිදා) දින සිට විශ්‍රාම යන බව සඳහන් කරමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට අදාළ ලිපි ලේඛන යොමුකළ බවයි.

නිවසේ ඇති වූ හදිසි ගින්නට නිදා සිටි හිමිකරු බිලි වේ..

නිවසේ ඇති වූ හදිසි ගින්නට නිදා සිටි හිමිකරු බිලි වේ..

එහෙත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ ලේකම්වරයාට එරෙහිව චෝදනා ඇති බවට ඇතැම් පිරිස් පැමිණිලි කිරිම හේතුවෙන් ඔහු විශ්‍රාම යෑමට තීරණය කර ඇති බවයි.