පළාත් සභා මැතිවරණය ගැන දැනුම් දීමක්

Report

පළාත් පාලන ආයතන පිහිටුවීමෙන් අනතුරුව පළාත් සභා ඡන්ද විමසීමද කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බව රජය අවධාරණය කරයි.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, මහාචාර්ය චන්දන අබේරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ, ඊට අදාළ නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් පසු පළාත් සභා ඡන්දය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන බවයි.

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

රු.500 භාණ්ඩයට රු.37,000 බදු - මේකනේ ඕන වුනේ? දැන් හරිද?

පළාත් සභා ඡන්දයට අදාළ සීමා නිර්ණ ගැටලුව තවමත් අවසන් වී නොමැති වුවද, මැතිවරණ කල් දැමීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, ඒ අනුව යමින් පළාත් සභා ඡන්දයද පවත්වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.