වියට්නාමයට එරෙහි දැවැන්ත ජයක් – නිපුණි වාසනා ලක්මව රනින් සරසයි
By Shani
චීනයේ පැවැත්වෙන 6 වැනි ආසියානු වෙරළ ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට විශිෂ්ට ගෞරවයක් එක් කරමින් මල්ලවපොර කාන්තා කිලෝග්රෑම් 50 බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට නිපුණි වාසනා සමත් වී තිබේ.
ඇය අවසන් තරගයේදී වියට්නාමයේ ඩොන් ති කිම් ඕන්හ් සමඟ පැවති තරගයේදී 3-1 ලෙස විශිෂ්ට ජයක් ලබා ගනිමින් මෙම ජයග්රහණය හිමිකර ගත්තාය.
තරගය පුරාවටම ආක්රමණශීලී ක්රීඩා විලාසයක් ප්රදර්ශනය කළ නිපුණි, ප්රථම වටයේ සිටම ඉදිරියෙන් සිටිමින් අවසන් වන තුරු තම වාසිය රැකගත්තාය. මෙම ජයග්රහණය ශ්රී ලංකාවට එම උළෙලේදී හිමි වූ වැදගත්ම සම්මානවලින් එකක් වන අතර, ජාතික මට්ටමේ මල්ලවපොර ක්රීඩාවටද විශාල උත්තේජනයක් ලෙස සැලකේ.