"පාපිස්සක් වුණත් ඒක රට හදන ආණ්ඩුවේ පාපිස්සක්" - මාලිමාවේ මන්ත්‍රී

Report

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රකාශයක් වැරදි ලෙස අර්ථකථනය කරමින් තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 'පාපිසි' ලෙස නින්දා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පවසයි.

විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළද “පාපිසි 159ක්” යනුවෙන් සඳහන් කරමින් කතා කරන බවත්, එවැනි ආමන්ත්‍රණයන් පිළිබඳ තමන් සතුටු වන බවත් ඔහු අවධාරණය කළේය.

පැරණි විහාරස්ථානවල සඳකඩ පහන අසලදී දෙපා පිරිසිදු කරගෙන ඇතුළුවීමට පාපිසි උපකාරී වන බව සඳහන් කළ මන්ත්‍රීවරයා, එය ගෞරවනීය අර්ථයක්ද ගන්නා හැකි බවද පැවසීය.

රට හදන ආණ්ඩුවක “පාපිස්සක්” වීම නොව “පාපිසි කෙන්දක්” වීමත් තමන්ට සතුටක් බව රුවන් මාපලගම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔහු මෙම අදහස් පළ කළේ සියත නාලිකාවේ සංවාද වැඩසටහනකට එක්වෙමින්ය.

බදු ගැහුවට වාහන මිල වැඩි වෙන්නේ නෑ කියන මුදල් නියෝජ්‍ය ඇමතිගේ විහිළු කතා දැන්වත් නවත්වන්න - සජිත්

බදු ගැහුවට වාහන මිල වැඩි වෙන්නේ නෑ කියන මුදල් නියෝජ්‍ය ඇමතිගේ විහිළු කතා දැන්වත් නවත්වන්න - සජිත්

දැයට කිරුළ ප්‍රදර්ශනයේ මිලියන 700ක් වංචාවක්.. ශිරන්තිට තවත් නඩුවක් කැරකේ

දැයට කිරුළ ප්‍රදර්ශනයේ මිලියන 700ක් වංචාවක්.. ශිරන්තිට තවත් නඩුවක් කැරකේ

කපිලව මැරුවේ රාජපක්ෂ වෙන්න බැරිද? දේශපාලන කරළිය ගිනිබත් කළ සරත් ෆොන්සේකාගේ දැඩි ප්‍රහාරයක්

කපිලව මැරුවේ රාජපක්ෂ වෙන්න බැරිද? දේශපාලන කරළිය ගිනිබත් කළ සරත් ෆොන්සේකාගේ දැඩි ප්‍රහාරයක්