ළමා ඇඳුම් වෙරළෙ තබා කරපු වැඩේ - සියල්ලන් කළඹයි..

Report

ගාසා තීරයේ යුද විරෝධතාවයක් පවත්වා තිබෙනවා.

ළමා ඇඳුම් වෙරළෙ තබා කරපු වැඩේ - සියල්ලන් කළඹයි.. | Protest Gaza With Childrens Clothes Left On Beach

ඒ ළමා ඇඳුම් වෙරළ තීරයේ තබා ක්‍රියාකාරී කණ්ඩායමක් විසින් ය.

ගාසා තීරයේ Bournemouth වෙරළ තීරයේ කිලෝමීටර් 5ක දුරකින් යුක්තව ළමා ඇඳුම් පෙළක් තබමින් මෙම විරෝධතාව පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

සැප්තැම්බර් 7 වනදා සිට පවතින ගැටුමේ දෙපාර්ශවයේම මියගිය ළමුන් නියෝජනය කිරීම සඳහා ඇඳුම් කට්ටල 11,000කට වැඩි ප්‍රමාණයක් මේ සඳහා යොදාගෙන තිබෙනවා.

80 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමකට ඇඳුම් වෙරළ තීරයේ දැමීම සඳහා පැය පහක කාලයක් ගතව ඇති බව Led By Donkeys කණ්ඩායමේ ක්‍රියාකාරීන් සඳහන් කළේ ය.

ඉවත් කිරීමේ නියෝග නිකුත් කිරීම ඇතුළුව සිවිල් වැසියන්ට සිදුවන අනතුරු වළක්වා ගැනීමට උත්සාහ කරන බව ඊශ්‍රායලය පවසා ඇත.

නමුත් පලස්තීන සෞඛ්‍ය නිලධාරීන්ට අනුව වයස අවුරුදු 18 ට අඩු 11,500 කට වැඩි පිරිසක් මරා දමා ඇති බව සඳහන් ප්‍රකාශයක් නිකුත් කරමින්, Led By Donkeys, එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ආණ්ඩු වහාම සටන් විරාමයක් සඳහා ඉල්ලීම් නිකුත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.

කෙසේ වෙතත්, “පලස්තීන වේවා ඊශ්‍රායල වේවා සියලුම දරුවන් අහිංසකයි” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් වේ.