දේශපාලනඥයින් ගැන ගාලුමුවදොරපිටියේ දී ඔබ කවුරුත් හදුනන විශේෂඥ වෛද්‍යවරයෙක්ගෙන් සැර ප්‍රකාශයක්.. (VIDEO)

colombo Sri lanka sinhala news today trending news galleface protest gotagohome Mr.Ananda Abewikrama
By krishani Apr 18, 2022 08:22 AM GMT
krishani

krishani

Report

රටේ දේශපාලකයින් වැඩකළේ රට දියුණු කිරීමට වඩා ඔවුන්ගේ මඩි තරකරගැනීමට බව විශේෂඥ වෛද්‍ය ආනන්ද අබේවික්‍රම මහතා පවසයි.

ගාලු මුවදොර පිටියේ ස්ථාපනය කර ඇති මාධ්‍ය මධ්‍යස්ථානයේදී ඔහු ඒ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා,

"අපි මෙතෙන්නට පැමිණියේ වෘත්තිකයින් විදිහට ඉදිරි අනාගතයේ හොඳ රටක් බිහිකරන්න අපගේ දායකත්වය උපරිම ආකාරයෙන් ලැබෙන බව ප්‍රකාශ කරන්න. ඒ දායකත්වය ලැබීම සඳහා අවශ්‍ය දේශපාලනමය හා සමාජමය සකස්විය යුතුයි. පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ දැක්කේ රටේ දේශපාලකයින් වැඩ කළේ රට දියුණු කිරීමට වඩා ඔවුන්ගේ මඩි තරකරගැනීම සහ ඔවුන්ගේ පුද්ගලික වාසි සඳහා.

ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා වෘත්තීයවේදීන්ගේ කාර්යන් සඳහා දේශපාලනමය ඇඟිලි ගැසීම්වලින් තොරව ඔවුන්ට නිදහසේ නිවහල්ව වැඩකරගෙන යාමේ ඉඩකඩ සලසාදිය යුතුයි යන මතය තමයි අපි සියලුදෙනාම ඉන්නේ. එහෙම කළහොත් අද තියෙන අරගලකාරී තත්ත්වය සමග ඇතිවන සමාජීය හා දේශපාලන වෙනස්කම් මතින් අපිට ඉදිරියේ සාර්ථක ශ්‍රී ලංකාවක් ගොඩනගන්න හැකියාවක් ලැබෙයි."

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join