දෙයියනේ මේ ක්‍රීම් ගෑවනම් ඔයාටත් පිළිකාව ෂුවර්

Ministry of Health Sri Lanka Law and Order Beauty Latest Headlines Sinhala news
By Mithu Jul 26, 2025 01:22 AM GMT
Mithu

Mithu

Report

වර්තමානයෙන් වන විට මාසෙන් මාස තුනෙන් හම සුදු කරන විවිධ ආලේපන වර්ග වෙළඳපොළේ අලවි කිරීමට පවතී.ඒ අනුව එහි අතුරු ආබාධ රැසක් පවතින බව සෞඛ්‍ය නිරන්තරයෙන් අවධාරණය කරයි.

ඒ අනුව දිවයින පුරා සම සුදුකරන විවිධ ආලේපන වර්ග 08 කට වැඩි සංඛ්‍යාවක් පවතින බවත්, එමගින් බොහෝ තරුණ තරුණියන් පිළිකා රෝගවලට ගොදුරුවීමේ අවදානමක් පවතින බවත් සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

ආයේ පෙළපොත් නෑ - පාසල් කාලයේ වෙනසක් විවේක කාල දෙකක් දරුවන්ට විෂයන් 14ක්

මෙයට හේතු වී ඇත්තේ ඖෂධ නියාමන අධිකාරිය මගින් නිසි පරිදි සුවඳ විලවුන් හා රූපලාවණ්‍ය ආලේපන වර්ග නියාමනය නොකිරීම නිසා බවත් වැඩිදුරටත් සඳහන් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත ප්‍රමිතියට අනුව මෙම සංයෝග තුළ තිබිය යුතු උපරිම රසදිය මට්ටම කොටස් දස ලක්ෂයකට එකක් වුවත් වෙළෙඳපොළේ පවතින බොහෝ ආලේපන වර්ගවල මෙම මට්ටම කොටස් දසලක්ෂයකට 10,000 හෝ 20,000 සීමාවේ පවතී.

එම නිසා මෙම බොහෝ ආලේපන වර්ගවල පැවැතිය යුතු නියමිත ප්‍රමිතිය නොමැති වීමෙන් තරුණ තරුණියෝ දුර්වර්ණවීමේ අවදානමකට ගොදුරු වෙති. එමෙන්ම එවැනි ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග වෙළෙඳපොළ තුළ පැවැතීම හේතුවෙන් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින රූපලාවණ්‍ය ශිල්පීන්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බවද සදහන් වේ.

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා

ජනතාවට වාසියක් ඉන්ධන මිල අඩුකිරීමටට යෝජනා

මේ අතර කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව ප්‍රකාශ කළේ 2015 ඖෂධ නියාමන අධිකාරියේ පනත අනුව මෙරට සුවඳ විලවුන් හා ආලේපන වර්ග, ඖෂධ වර්ග නියාමනය කිරීමට පවතින නීත්‍යනුකූල අයිතිය ඉවත්වීමත් සමග මේ අන්දමට රටපුරා මිනිස් සිරුරට හානිකර බැර ලෝහවලින් සමන්විත ශරීරය සුදු පැහැය වැඩිකිරීමට හේතුවන බොහෝ ක්‍රීම් වර්ග වෙළෙඳසල් තුළ සහ මාර්ගගත ක්‍රමයට අලෙවි කරන බවය.

බොහෝ රූපලාවණ්‍ය ශිල්පීන් මෙන්ම ආයුර්වේද වෛද්‍යවරුන්, චීන කටු චිකිත්සක වෛද්‍යවරුන් ඇතුළු සුදුසුකම් නොමැති බොහෝ දෙනකු මේ වන විට මෙම සුදුවන ක්‍රීම් වර්ග ස්වයං රැකියාවක් ලෙස නිෂ්පාදනය කොට අලෙවි කරන බවද ඔහු පවසයි.එම නිසා තරුණ තරුණියන්ගේ ජීවිත අනතුරකට පත්වී ඇති බව වැඩිදුරටත් අවධාරණය කරයි.

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

මුන් අම්මලාද? හොර සැමියත් එක්ක පැනලා යන්න දරුවෝ දෙන්නට වස දීලා මරලා

එම නිසා ආලේපන වර්ගයක් තෝරා ගැනීමේදී රසදිය මට්ටම නිසි ප්‍රමාණයට ඇතුළත් දැයි ඒ වගේම අනිකුත් සංඝටක නිසි ප්‍රමාණයෙන් ඇතුළත් දැයි සලකා බැලීම පාරිභෝගික ඔබේ වගකීම වේ.

ReeCha