විදුලි ගාස්තු සංශෝධනය අද ප්‍රකාශයට

Report

2026 වසරේ දෙවන සහ තුන්වන කාර්තු සඳහා යෝජිත විශේෂිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද (09) ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව සූදානම් වේ.

මෙම වසරේ අවසන් වරට විදුලි ගාස්තු සංශෝධනයක් පසුගිය අප්‍රේල් මස 01 වනදා සිදු කර තිබූ අතර, මාස දෙකක් ගතවීමටත් පෙර මෙලෙස යළිත් ගාස්තු සංශෝධනයකට මඟ පෑදී ඇත්තේ ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙනි.

ජාතික පද්ධති පාලන පුද්ගලික සමාගම විසින් පසුගිය මස 27 වනදා ඉදිරිපත් කළ පිරිවැය ඇස්තමේන්තුවලට අනුව, විදුලි ජනනය සඳහා වැයවන පිරිවැය ඉහළ ගොස් ඇති බැවින් රුපියල් බිලියන 38 ක මූල්‍ය හිඟයක් පවතින බව අනාවරණය වී ඇත.

පහළ වායුගෝලයේ පවතින තත්ත්වයේ වෙනසක් සමඟ අද වෙනස් වෙන කාලගුණය

පහළ වායුගෝලයේ පවතින තත්ත්වයේ වෙනසක් සමඟ අද වෙනස් වෙන කාලගුණය

මෙම හිඟය පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු සියයට 18 කින් පමණ ඉහළ නැංවිය යුතු බවට මහජන උපයෝගීතා කොමිෂන් සභාව ගණනය කර තිබේ.

කෙසේ වෙතත්, මෙම යෝජිත ගාස්තු වැඩිවීමට එරෙහිව දේශපාලන සහ සිවිල් සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. සමගි දූෂණ විරෝධී සංවිධානය අද මහජන උපයෝගිතා කොමිසම ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ අතර, එහිදී අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා ප්‍රකාශ කළේ ගල්අඟුරු වංචා සහ අක්‍රමිකතා හේතුවෙන් සිදුවන පාඩුව පියවා ගැනීමට ජනතාව මත බර නොපැටවිය යුතු බවයි.

මෙම අර්බුදකාරී පසුබිම තුළ, 2009 වසරේ සිට 2026 අප්‍රේල් 16 දක්වා කාලය තුළ ගල්අඟුරු ආනයනය සහ විදුලිය නිෂ්පාදනය ආශ්‍රිතව සිදුවී ඇතැයි කියන අක්‍රමිකතා සෙවීමට පත්කළ පූර්ණ බලැති ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන කටයුතු අද නිල වශයෙන් ආරම්භ විය.

නොසිතූ ලාභ ලැබෙන වාසනාව වැල්ලේ කැරෙකෙන අද සුබ අසුබ ගෙනෙන ලග්න පලාපල

නොසිතූ ලාභ ලැබෙන වාසනාව වැල්ලේ කැරෙකෙන අද සුබ අසුබ ගෙනෙන ලග්න පලාපල

අදාළ කාලසීමාව තුළ සිදුවූ දූෂණ හෝ අක්‍රමිකතා පිළිබඳ තොරතුරු සතු පුද්ගලයන්ට හෝ ආයතනවලට එම තොරතුරු මෙම මස 22 වනදාට පෙර ලබාදෙන ලෙස කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අද  ප්‍රකාශයට පත් කිරීමට නියමිත ගාස්තු සංශෝධනය මඟින් පාරිභෝගික ජනතාවට එල්ල වන බලපෑම සහ ජනාධිපති කොමිසමේ විමර්ශන වාර්තා හරහා අනාවරණය වන කරුණු ඉදිරි කාලයේදී විදුලිබල ක්ෂේත්‍රයේ තීරණාත්මක වෙනස්කම්වලට හේතු වනු ඇත.