පහළ වායුගෝලයේ පවතින තත්ත්වයේ වෙනසක් සමඟ අද වෙනස් වෙන කාලගුණය
ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (2026 මැයි 09) දිනයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විශේෂයෙන්ම පස්වරු 1.00 න් පමණ පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකිය.
බස්නාහිර, දකුණු සහ උතුරු පළාත්වල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බවත්, අළුයම් කාලයේදී මධ්‍යම, සබරගමුව, ඌව පළාත්වල සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවත් කාලගුණ වාර්තාවල සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටියි.